Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස මීර්පූර්හි ශ්රේ බංග්ලා ජාතික ක‍්‍රීඩාංගණයේදී අද (02) පැවැති තරගයෙන් පාකිස්තානු ක‍්‍රීඩකයෝ ඉන්දියාවට එරෙහිව කඩුල්ලක තියුණු ජයක් ලැබීමට සමත් විය.
ලකුණු 246 ක ඉලක්කයක් කරා යමින් සිටි පාකිස්තානු පිල අවසන් ඕවරය යැවීමට පෙර කඩුලූ 8 ක් දැවී සිටි අතර ජයග‍්‍රහණයට අවසන් ඕවරයේදී ලකුණු 10 ක් අවශ්‍ය විය. රවිචන්ද්‍රකුමාර් අෂ්වින් යැවූ එම ඕවරයේ පළමු පන්දුවට සයිඞ් අජ්මාල් දැවී ගිය අතර ජුනයිඞ් ඛාන් දෙවැනි පන්දුවට ලකුණක් ලබා ගනිමින් සහිඞ් අෆ්රිඩිට පන්දුවට පහරදීමේ අවස්ථාව ලබා දුන්නේය.
ලකුණු 9 ක් ලබාගැනීම සඳහා ඉතිරිව තිබුණේ පන්දු 4 ක් පමණි. එහෙත් අවසන් ඕවරයේ තුන්වැනි සහ සිවුවැනි පන්දුවලට අලංකාර හයේ පහර දෙකක් ගැසූ සහීඞ් අෆ්රීඩි පාකිස්තානු පිල කඩුලූ 1 ක තියුණු ජයක් කරා කැඳවාගෙන ගියේය.
අෆ්රිඩි පන්දු 18 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 34 ක් රැස් කළ අතර මොහොමඞ් හෆීෂ් පන්දු 117 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 75 ක් රැස් කිරීමට සමත් විය.
ඉන්දියාව වෙනුවෙන් රවීන්ද්‍ර ජදේජා අවසන් ඕවර කීපයේදී වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 49 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 52 ක් රැස්කරමින් තරගයක් දියහැකි තත්ත්වයකට ඉන්දීය පිල රැගෙන ආවේය.
පාකිස්තානු පන්දු යවන්නන් විසින් විනාශ කරල ලද ඉන්දීය ඉනිම තරමක් දුරට ශක්තිමත් කළ අම්බටි රයියදු (58) සහ රෝහිත් ශර්මා (56) අර්ධ ශතක ලබාගත් නමුත් සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරවීමට එය ප‍්‍රමාණවත් නොවීය.
මෙම පරාජයත් සමග ඉන්දියාව අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම දැඩි අවිනිශ්චිත තත්ත්වයකට පත්විය. ප‍්‍රසාද ලකුණු 4 ක් පමණක් ලබා තෙවැනි ස්ථානයේ සිටින ඉන්දියාව අනිද්දා (05) ඇෆ්ගනිස්තානයට එරෙහිව පළමු වටයේ අවසන් තරගයට ක‍්‍රීඩා කරයි.
පාකිස්තානය මෙම ජයග‍්‍රහණයත් සමග තරග තුනකදී ජයග‍්‍රහණ දෙකක් සමගින් ප‍්‍රසාද ලකුණු 9 ක් ලබා පෙරමුණට පැමිණියේය. ප‍්‍රසාද ලකුණු 8 ක් ලබා දෙවැනි ස්ථානයේ පසු වන ශ්‍රී ලංකා පිලට ඇෆ්ගනිස්තානයට සහ බංග්ලාදේශයට එරෙහිව තරග දෙකක් ඉතිරිව තිබේ.
ඉන්දියාව ඕවර 50 යේදී කඩුලූ 8 ට 245
(රෝහිත් ශර්මා 56, අජින්කයා රහනේ 23, අම්බාටි රයිදු 58, දිනේෂ් කාර්තික් 23, රවීන්ද්‍ර ජඬේජා නොදැවී 52, මොහොමඞ් හෆීෂ් 38/2, මොහොමඞ් තල්හා 22/2, සයිඞ් අජ්මාල් 40/3)
පාකිස්තානය ඕවර 49.4 කදී කඩුලූ 9 ට 249
(ශර්ජීල් ඛාන් 25, අහ්මඞ් ශෙෂාඞ් 42, මොහොමඞ් හෆීෂ් 75, සොහිබ් මක්ෂූඞ් 38, උමාර් ගුල් 12, සහිඞ් අෆ්රිඩි නොදැවී 34, අමිට් මිෂ්රා 28/2, බුවනේෂ්වර් කුමාර් 56/2, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 44/3)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.