Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය අතර බංග්ලාදේශයේ ශ්රේ - බංග්ලා කී‍්‍රඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති තරගයේදී ඉන්දීය කණ්ඩායම කඩුලූ 8 ක පහසු ජයක් අත්කරගත්තේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන පිල ඕවර 45.2 ක් අවසානයේ ලකුණු 159 කට දැවී ගිය අතර ඉන්දීය පිතිකරුවෝ කඩුලූ 2 ක් පමණක් දැවී ඕවර 32.2 කදී ලකුණු 160 ක් ලබාගනිමින් තරගයෙන් ජයග‍්‍රහණ කළහ.
මෙම තරගයෙන් ජයගත් නමුත් ඉන්දීය පිලට ආසියානු කුසලාන තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගත නොහැකිය.
කාසියේ වාසිය දිනාගත් ඉන්දීය පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඇෆ්ගනිස්ථාන පිලට ආරාධනාකර සිටි අතර එහිදී ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට හැකිවූයේ ඇෆ්ගනිස්ථාන පිතිකරුවන් තිදෙනකුට පමණි. බංග්ලාදේශයට එරෙහිව පැවති තරගයේදී වේගවත් ලකුණු 81 ක් රැස්කළ සමිඋල්ලා ශෙන්වරි, පන්දු 73 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 50 රැස්කරමින් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
බිඳවැටුණ කඩුලූ 10 න් 8 කටම හිමිකම් කීමට ඉන්දීය දඟ පන්දුයවන්නන් සමත්වූ අතර රවින්ද්‍ර ජඬේජා ලකුණු 30 කට කඩුලූ 4 ක් සහ රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 21 කට කඩුලූ 3 ක් දවාගැනීමට සමත්වූහ.
ඇෆ්ගනිස්ථාන පිල - ඕවර 45.2 කදී සියලූ දෙනා දැවී 159
(නූර් අලි සඞ්රාන් 31, මෙහොමඞ් ශේෂාඞ් 22, සමිඋල්ලා ශෙන්වරි 50, රවින්ද්‍ර ජදේජා 30/4, රවිචන්ද්‍රන් අශ්වින් 31/3, මෙහොමඞ් සාමි 50/2)
ඉන්දියාව ඕවර 32.2 කදී කඩුලූ 2 ක් දැවී 160
(අජින්ක්‍යා රහනේ 56, ෂිකාර් ධාවන් 60, රෝහිත් ෂර්මා නොදැවී 18, දිනේෂ් කාර්තික් නොදැවී 21)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.