Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කටාක්හිදී අද (02) පැවැති පළමු තරගයෙන් ඉන්දීය ක‍්‍රීඩකයෝ ලකුණු 169 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
ලකුණු 364 ක දැවැන්ත ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල ඕවර 39.2 කදී ලකුණු 194 කට සීමා විය.
මහේල ජයවර්ධන ශ්‍රී ලංක පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දු 36 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 43 ක් රැස් කළේය.
කුමාර් සංගක්කාර (13) සහ උපුල් තරංග (28) දෙවැනි සහ තෙවැනි කඩුලූ ලෙස පිටියෙන් ඉවත් වූහ.
තිලකරත්න ඩිල්ෂාන් පන්දු 22 කදී ලකුණු 18 ක් ලබා සිටියදී පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.
සිය 200 වැනි එක්දින තරගයට සහභාගි වූ සුරේෂ් රයිනා පන්දු 34 කදී ලකුණු 52 ක් රැස් කරමින් ලකුණු ලබා ගැනීමේ වේගය තවත් වැඩි කළේය. රයිනාගේ ඉනිමට හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් ඇතුළත් විය.
අජින්යා රහනේ ලකුණු 111 ක් රැස්කළ අතර රහනේගේ පන්දු 108 ක ඉනිම හතරේ පහර 13 ක් සහ හයේ පහර 2 කින් වර්ණවත් විය.
ඉන්දීය පළමු කඩුල්ල ලෙස ශීකර් දාවන් පන්දු 107 කදී හතරේ පහර 14 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 113 ක් ලබා අෂාන් ප‍්‍රියංජන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය.
ශීකර් දාවන් (113) සහ අජින්යා රහනේ (නොදැවී 109) ශතක රැස්කරමින් ලකුණු 231 ක ආරම්භක සම්බන්ධතාවක් පැවැත්වීම කැපී පෙනුණි. සුරාජ් රන්දීව් කඩුලූ 3 ක් දවා ගත්ත ද ඔහුගේ ඕවර 10 ට ලකුණු 78 ක් රැස් කිරීමට ඉන්දීය පිතිකරුවෝ සමත් වූහ.
ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය. දකුණතින් වේග පන්දු යවන ළහිරු ගමගේ මෙම තරගයේදී එක්දින වරම් ලැබූ අතර ඔහු ශ්‍රී ලංකාවේ 160 වැනි එක්දින ක‍්‍රීඩකයා ද වේ.
ශ්‍රී ලංකා ප‍්‍රවේගකාරි යොවුන් ආරම්භක පිතිකරු කුසල් පෙරේරා මෙම තරගයට ක‍්‍රීඩා නොකරන අතර දඟ පන්දු යවන්නන් ලෙස සුරාජ් රන්දීව් සහ සීකුගේ ප‍්‍රසන්න ක‍්‍රීඩා කරති.
දෙවැනි එක්දින තරගය මේ මස 6 වැනිදා අහ්මදාබාද්හිදී දිවා/රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වේ.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.