Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දැන් දැන් ශී‍්‍ර ලංකා කණ්ඩායමට වෙතින් දකින්නට ලැබෙන සටන්කාමීත්වයට මම කැමැත්තෙමි. මෙවර ලෝක කුසලාන තරගමාලාවේ නවසීලන්තය සමග පැවැති තරගයේදී ශී‍්‍ර ලංකා පිල මන්දගාමී ආරම්භයක් ලබා ගත් නමුත් ඉන් පසුව කී‍්‍රඩාකළේ කාණ්ඩයේ වැඩිපුර අවධානයට ලක් නොවූ ඇෆ්ගනිස්තානය හා බංග්ලාදේශය සමගය.
ඇෆ්ගනිස්තාන තරගයේ දී මහේල ජයවර්ධන හා ඇන්ජෙලෝ මැතිව්ස් අතර ඇතිවූ අනර්ඝ සම්බන්ධතාව නිසා කණ්ඩායම පරාජයෙන් මුදවා ගැනීමට හැකි විය.
අමාරුවෙන් ලබාගත්තත් දිනුම යනු දිනුමකි. එය කඩුලූ 10 කින් දිනාගත්තත්, එක් කඩුල්ලකින් දිනා ගත්තත් වෙනසක් නැත. බංග්ලාදේශයට එරෙහි තරගයේ සාර්ථකත්වය අපේ කණ්ඩායමේ අධිෂ්ඨානය හොඳින් ඉස්මතුවීමක් ලෙස මම දකිමි.
මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ දී පැවැති එම තරගයේදී ළහිරු තිරිමාන්න, තිලකරත්න ඩිල්ෂාන් හා කුමාර් සංගක්කාර නැවතත් සිය කුසලතා මැනවින් මුවහත් කර ගත්හ. එය එක්වරම ප‍්‍රතිවාදී කණ්ඩායම්වලට අනතුරු අඟවන ස්වරූපයක් ගෙන තිබේ. ආබාධයකට ලක්වූ තුන්ඉරියව් කී‍්‍රඩක ජීවන් මෙන්ඩිස් වෙනුවට ආරම්භක පිතිකරු උපුල් තරංග කණ්ඩායමට එක්වීමත් කණ්ඩායමේ පිතිහරඹ පෙළගැස්ම නිවැරිදි මාවතට ප‍්‍රවිශ්ඨ වීමකි.
ලෝක කුසලානය වැනි කැපී පෙනෙන තරගමාලාවකින් ඉවත් වීමට කිසිදු ක‍්‍රීඩකයකු කැමැති නැත. එහෙත් ජීවන් මෙන්ඩිස්ට එම ඉරණමට මුහුණදීමට සිදුවිය. එහෙත් ඇත්ත වශයෙන්ම දඟපන්දු යැවීමේ තුන්ඉරියව් කී‍්‍රඩකයකු වශයෙන් ජීවන් මෙන්ඩිස් ඕස්ටේ‍්‍රලියාවට ගෙන යාම වටකුරු සිදුරකට හරි හතරැස් ඇබයක් ගැසීමට උත්සාහ කළාක් වැනිය.
වසර කිහිපයක ලත් අත්දැකීම් ඇති කැපී පෙනෙන කී‍්‍රඩකයකු හැටියට තරංග පළමු අවස්ථාවේදීම කණ්ඩායමට ඇතුළත් කරගත්තා නම් එය කණ්ඩායම තවත් සමබර පෙනුමක් දෙන ආකාරයේ තෝරා ගැනීමක් විය හැකිව තිබිණ. ඒ සියල්ල මැද එංගලන්තයට එරෙහි තරගය මැතිව්ස්ගේ කණ්ඩායමට සෑම අතින්ම අනතුරුදායක තරගයකි.
පන්දුව දෝලනය වීම අඩුබැවින් ඕස්ටේ‍්‍රලියානු භූමියේ ස්වභාවය ශී‍්‍ර ලංකාවේ පිතිකරුවන්ට හොඳින් ගැලපේ. එහි දී ලැබෙන පන්දුවේ අතිරේක ඉපිළීමට සාර්ථකව මුහුණදීමට ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට හැකිය. එහෙත් එංගලන්ත තරගය සඳහා නැවතත් නවසීලන්තය බලා යාමට සිදුවීම (විශේෂයෙන් බංග්ලාදේශය හා එංගලන්තය තරගවලට දින දෙකක් ඇතුළත) නම් හොඳ දෙයක් නොවේ.
කොහොම වුණත් ඕස්ටේ‍්‍රලියාව හා නවසීලන්තය හමුවේ පරාජයට පත්වීමෙන් පසුව එංගලන්තයද ජයග‍්‍රහණයේ පිපාසයෙන් පෙළෙමින් සිටී. හෙට (ඉරිදා) තරගය පැවැත්වෙන වෙලින්ටන් නුවර වෙලින්ටන් කලාපීය (වෙස්ට්පැක්) කී‍්‍රඩාංගණයට ඔවුන් පැමිණෙන්නේ දෙවැනි වතාවටය. මීට පෙර මෙම කී‍්‍රඩාංගණයේදීම ස්කොට්ලන්තයට එරෙහිව පැවැති තරගය ජයගැනීමට එංගලන්තය සමත් විය.
හෙට (ඉරිදා) පැවැත්වෙන තරගය ජයගන්නේ හොඳින්ම පන්දු යවන කණ්ඩායම බවට කිසිදු සැකයක් නැත. දරුණු පරාජයන් දෙකකින් පසුව, එංගලන්තයේ වේගපන්දු බලඇණිය ගැන ප‍්‍රශ්නයක් පැන නැගී තිබේ. එහෙත් ඇත්තම කියනවානම් ශී‍්‍රි ලංකාවේ වේගපන්දු යවන්නෝද දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටිති.
මෙල්බර්න් පිටියේ දී දුටු ලොකුම සුබවාදී කරුණ වන්නේ නව පන්දුවෙන් ලසිත් මාලිංග වැඩ පෙන්වීමය. ඔහු නැවත පරණ තාලෙට හැඩගැසී ඇති සෙයකි. එය ඔහු දස්කම් අතරට පැමිණීමේ අවශ්‍යතාව දැනී තිබුණු කණ්ඩායමට හොඳ නිමිත්තකි.
පසුගිය වසරේදී ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය තරග කළ අවස්ථා දෙකේදී සිදුවූ දේ සම්බන්ධයෙන් ඕනෑවට වඩා සිතන්නට යාමේ උගුලට ශී‍්‍ර ලංකා පිල මේ වතාවෙදී නොවැටෙනු ඇතැයි මම කල්පනා කරමි. ශී‍්‍ර ලංකාවේදී පැවැති එම තරගමාලාවෙන් ශී‍්‍ර ලංකාව තරග 4-2 කින් ජය ලැබීය. එමෙන්ම එය අපේ කණ්ඩායමේ කොල්ලන්ට පී‍්‍රතිමත් මතක සටහනක්ද විය.
එදා එසේ නමුත් ඊට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක කී‍්‍රඩා කරන හෙට තරගයේ දී ඒවා සිහිපත් කිරීමෙන් කිසි වැඩකට නැත. ඒ තරගමාලාවේ දී එංගලන්තය දගපන්දු යවන්නන් හමුවේ දුෂ්කරතාවට පත්විය. නමුත් නවසීලන්තයේ ස්වභාවයට අනුව මඳවේග පන්දු යවන්නන්ගේ දස්කම් මත සාර්ථකත්වය රැුඳී ඇතැයි කිව හැකිය.
සියල්ල රැුඳී ඇත්තේ මාලිංග ප‍්‍රමුඛ වේගපන්දු යවන්නන් මතය. රංගන හේරත් සමග සචිත‍්‍ර සේනානායක දමා එකිනෙකට වෙනස් හැකියාවන් පරීක්ෂණයට භාජනය කළ යුතුය. හේරත්ගෙන් තරගයට වැඩි සහයක් ලබාගත හැකිවනු ඇත. එහෙත් ඩිල්ෂාන්ට වඩා පන්දුව දඟකවන වෙනත් කී‍්‍රඩකයකු යොදා ගැනීමෙන් එය තවත් සාර්ථක කරගත හැකිය.
හෙට තරගයේ දී මොනවා වුණත් කණ්ඩායම් දෙකම අර්ධ අවසන් පුර්ව වටයට යාමේ සූදානමින් පසුවෙති. නමුත් මම විශ්වාස කරන්නේ ජයග‍්‍රහණය වඩා වැදගත් බවයි. මන්දයත් ‘ඒ’ කාණ්ඩයේ ඉදිරියෙන් සිටිමින් මූලික තරග නිමාකරන කණ්ඩායම්වලට අර්ධ අවසන් පුර්ව වටයේ දී ලෝක කුලානයේ වත්මන් හිමිකරු වන ඉන්දියාව සමග තරග කිරීමෙන් වැළකී සිටිය හැකිය. මට පෙනෙන ආකාරයට ඉන්දියාව‘බී’ කාණ්ඩයේ පෙරමුණට පත්වනු ඇත.
මට සිතෙන ආකාරයට අනිකුත් කණ්ඩායම් කෙසේ වෙතත් ශී‍්‍ර ලංකාව පිළිමළුන් පිටුදැකීමේ ක‍්‍රමයට පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව වටයේ දී ඔවුන්ගේ වාසනාව උරගා බලනු ඇත.
මේ මොහොතේදී සිය පිතිහරඹ ශක්තියෙන් භයානකම කණ්ඩායම බවට ඉන්දියාව පත්වී සිටී. 2011 ඔවුන් අපට එරෙහිව තරග වැදුණු ආකාරයටම මෙවරත් පිතිකරුවන්ගේ ස්ථාවර බවක් දෝනිගේ පිලේ පෙනෙන්නට තිබේ.
මෙවර තරගමාලාවට පෙර ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැති ටෙස්ට් හා එක්දින තරගවලදී දැඩි ලෙස දුෂ්කරතාවට පත්වූ ඉන්දියාව දැන් ඊට හාත්පසින්ම වෙනස් පෙනුමක් ගෙන ඇත. ‘ඒ’ කාණ්ඩයෙන් සිවුවැන්නා ලෙස මූලික තරගවටය නිමාකරන කණ්ඩායමට අර්ධ අවසන් පූර්ව තරගයේ දී ඉන්දියාව සමග තරග වැදීමට සිදුවනු ඇත.
ඉතින් හෙට තරගය ‘ඒ’ කාණ්ඩයේ තුන්වැන්නා තීරණය කරන්නකි. එහෙත් තවත් සතියකට පසුව පැවැත්වෙන ඕස්ටේ‍්‍රලියා තරගයේදීත් ජය ලැබිය හැකිනම් ශී‍්‍ර ලංකා පිලට දෙවැනි තැන වුවත් ගත හැකිය. එය නොකළ හැකි දෙයකුත් නොවේ.
- අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නිල වෙබ් අඩවිය අනුග‍්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.