Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner එංගලන්තයට සැනසුම් සහගත ජයක්

එංගලන්තයට සැනසුම් සහගත ජයක්

Nisanka Sandeepani - 2019 පෙබ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 232 ක ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. කෙසේ වුවත් දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ජය 2-1 ක් ලෙස කොදෙව්වෝ සතුවූහ. 

තෙවැනි දිනය වූ පෙරේදා (11 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 325 ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායම, ඊයේ (12 වැනිදා) දිනයේදී සිය දෙවැනි ඉනිමට අලුතින් එක්කර ගත්තේ තවත් ලකුණු 36 ක් පමණි. නායක ජෝ රූට් ලකුණු 122 ක් ලබා සිටියදී දැවී යාමත් සමග සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට ඔවුහු පියවර ගත්හ. 

අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 485 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය කොදෙව් කණ්ඩායමට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 252 ක් පමණි. එහිදී ජේම්ස් ඇන්ඩසන් සහ මුයින් අලී කඩුලු 3 බැගින් දවාගනිමින් කොදෙව් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ. 

කෙදෙව් දෙවැනි ඉනිම නිමාවට පත්වන තෙක්ම පන්දුවට පහර දෙමින් කඩුල්ලේ රැදී සිටි රොස්ටන් චේස් නොදැවී ලකුණු 102 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 12 ක් සමගිනි. කොදෙව් ඉනිමේ 9 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි අල්සාරි ජෝෂප් (34) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 56 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද චේස් සමත් විය.

කෙසේ වුවත් චේස් සමග සාර්ථක සම්බන්ධතා ගොඩනැගීමට සෙසු පිතිකරුවෝ අපොහොසත් වීම නිසා කොදෙව් කණ්ඩායමට දැවැන්ත පරාජයකට මුහුණදීමට සිදුවිය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ මාක් වුඞ් තරගයේ වීරයා ලෙසත් තරගාවලිය පුරා කඩුලු 18 ක් දවාගත් කේමර් රෝච් තරගාවලියේ වීරයා ලෙසත් සම්මාන දිනාගත්හ. 

එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 277 
(රෝරී බර්න්ස් 29, ජෝ ඩෙන්ලි 20, ජොස් බට්ලර් 67, බෙන් ස්ටෝක්ස් 79, කේමර් රෝච් 48/4, ශැනන් ගේබි්‍රයල් 49/2, කීමෝ පෝල් 58/2, අල්සාරී ජෝෂප් 61/2) 

කොදෙව් පළමු ඉනිම - සියලු දෙනා දැවී 154 
(ජෝන් කැම්බල් 41, ෂේන් ඩොව්රිච් 38, මාක් වුඞ් 41/5, මුයින් අලී 36/4) 

එංගලන්ත දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 361 
(කීටන් ජෙනින්ස් 23, ජෝ ඩෙන්ලි 69, ජෝ රූට් 122, ජොස් බට්ලර් 56, බෙන් ස්ටෝක්ස් නොදැවී 48, ශැනන් ගේබි්‍රයල් 95/2) 

කොදෙව් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 252 
(රොස්ටන් චේස් නොදැවී 102, ශිම්රන් හැට්මෙයර් 19, ෂේන් ඩොව්රිච් 19, කේමර් රෝච් 29, අල්සාරි ජෝෂප් 34, ජේම්ස් ඇන්ඩසන් 27/3, මුයින් අලී 99/3, බෙන් ස්ටෝක්ස් 30/2) 

-036 


අදහස් (0)

එංගලන්තයට සැනසුම් සහගත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.