Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner එංගලන්තය කඩුලු 9 කට 285

එංගලන්තය කඩුලු 9 කට 285

Nisanka Sandeepani - 2018 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර බර්මින්හැම්හිදී ඊයේ (1 වැනිදා) ආරම්භවූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවට පත්වන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 285 ක් රැස්කිරීමට සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ නායක ජෝ රූට් එංගලන්ත පළමු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය. ලකුණු 80 ක් රැස්කර සිටි ජෝ රූට් අවාසනාවන්ත දුවද්දී දැවී යාමකට හසුවනවිට පන්දු 156 කට මුහුණදී හතරේ පහර 9 ක් සිය ඉනිමට එක්කර ගෙන සිටියේය.

කීටන් ජෙනින්ග් සමගින් එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 72 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ජෝ රූට් ඉන් නොනැවති ජොනී බෙයාර්ස්ටෝ සමගින්ද එක්ව සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 104 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.

එක් අවස්ථාවක ලකුණු 216 කට කඩුලු 3 ක් ලෙස ප්‍රභල ස්ථානයක සිටි එංගලන්ත කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 283 කට කඩුලු 9 ක් ලෙස වෙනස්විය. ලකුණු 67 ක් තුළ එංගලන්ත පිතිකරුවන් හය දෙනෙකු ක්‍රීඩාගාරය වෙත නැවත හරවා යැවීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්වූහ.

එංගලන්ත ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා ජෝ රූට්ට අනගි සහයක් ලබාදුන් ජොනී බෙයාර්ස්ටෝ පන්දු 88 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 70 ක් රැස් කිරීමට සමත්විය.

වේග පන්දු යවන්නන්ට වඩාත් යෝග්‍ය තණතිරුවක් උවද ඉන් නිසි ප්‍රයෝජන ලබාගනිමින් කඩුලු 4 ක් දවාගැනීමට පිට දඟපන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් සමත්විය. වේගපන්දු යවන්නන්වූ මොහොමඞ් ශාමී කඩුලු 2 ක් දවාගත් අතර උමේෂ් යාදව් සහ ඉෂාන් ශර්මා අතර කඩුල්ල බැගින් බෙදී ගියහ.

එංගලන්ත පළමු ඉනිම - ඕවර 88 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 285
(කීටන් ජෙනින්ග් 42, ජෝ රූට් 80, ජොනී බෙයාර්ස්ටෝ 70, බෙන් ස්ටෝක්ස් 21, සෑම් කරන් 24, රවිචන්ද්‍රන් අශ්වින් 62/4, මොහොමඞ් ශාමී 64/2)


අදහස් (0)

එංගලන්තය කඩුලු 9 කට 285

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.