Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner එංගලන්තය ලකුණු 128 ක් ඉදිරියෙන්

එංගලන්තය ලකුණු 128 ක් ඉදිරියෙන්

Nisanka Sandeepani - 2018 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ලීඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දෙවැනි දිනය (2 වැනිදා) සඳහා නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 302 ක් ලබා සිටියේය. 

ඒ අනුව එංගලන්ත තවත් කණ්ඩායම කඩුලු 3 ක් අතැතිව පාකිස්තානයට වඩා ලකුණු 128 ක් ඉදිරියෙන් සිටියි. දිනය නිමාවන විට පන්දුවට පහරදෙමින් සිටි ජොස් බට්ලර් හතරේ පහර 4 ක් සමග ලකුණු 34 ක්ද, සෑම් කරන් හතරේ පහර 3 ක් සමග ලකුණු 16 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. 

පළමු දිනය වූ පෙරේදා (1 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 106 ක් ලබා සිටි එංගලන්ත ක්‍රීඩකයෝ, ඊයේ දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 196 ක් එක්කරගත්හ. එහිදී කඩුලු 5 ක් දවාගැනීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ. 

දිනයේ පළමු කඩුල්ල ලෙස නායක ජෝ රූට් (45) පිටියෙන් ඉවත් කිරීමට මොහොමඞ් අමීර් සමත් වූයේ කඩුලු රකින ක්‍රීඩක සර්ෆරාස් අහමඞ්ගේ සහයද ඇතිවය. දැවීයන විට ඔහුගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් වී තිබිණ. 

රූට්ගේ දැවී යෑමෙන් අනතුරුව ඩොමිනික් බේස් (49) සමග එක්වූ ඬේවිඞ් මැලන් (28) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. මොහොමඞ් අමීර්ගේ පන්දුවක් හමුවේ හාරිස් සොහේල් අතට උඩපන්දුවක් දෙමින් මැලන් දැවීයාමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය. 

රාත්‍රී මුරකරු පිතිකරු ලෙස පන්දුවට පහරදීමට පැමිණි ඩොමිනික් බේස්, සිය දෙවැනි ටෙස්ට් අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේ ශඩාබ් ඛාන්ගේ පන්දුවක් හමුවේ අසාද් ශෆීක් අතට උඩපන්දුවක් දෙමිනි. පන්දු 95 කට මුහුණදුන් බේස් දැවීයන විට හතරේ පහර 7 ක් සමග ලකුණු 49 ක් ලබා සිටියේය. 

ජොනී බෙයාස්ට්‍රෝට (21) සහ ක්‍රිස් වෝක්ස්ට (17) ද වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාවක් නොලැබුණ අතර පිළිවෙලින් ෆාහීම් අෂ්රෆ්ගේ සහ මොහොමඞ් අබ්බාස්ගේ පන්දු හමුවේ සර්ෆරාස් අහමඞ් අතට උඩපන්දු ලබාදෙමින් ඔවුන් දෙදෙනා පිටියෙන් ඉවත්ව ගියහ. 

පාකිස්තාන පළමු ඉනිම - සියලු දෙනා දැවී 174 
(හාරිස් සොහේල් 28, අසාද් ෂෆීක් 27, ශඩාබ් ඛාන් 56, හසන් අලී 24, ස්ටුවට් බ්‍රෝඞ් 38/3, ජේම්ස් ඇන්ඩසන් 43/3, ක්‍රිස් වෝක්ස් 55/3) 

එංගලන්ත පළමු ඉනිම - කඩුලු 7 ක් දැවී 302 
(ඇලිස්ටෙයාර් කුක් 46, කීටන් ජෙනින්ස් 29, ජෝ රූට් 45, ඩොමිනික් බේස් 49, ඬේවිඞ් මැලන් 28, ජොනී බෙයාස්ට්‍රෝ 21, ජොස් බට්ලර් නොදැවී 34, ක්‍රිස් වෝක්ස් 17, සෑම් කරන් නොදැවී 16, ෆාහීම් අෂ්රෆ් 43/2, මොහොමඞ් අමීර් 64/2) 

-036 

 

අදහස් (0)

එංගලන්තය ලකුණු 128 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.