Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner එංගලන්තය ලකුණු 239 කින් ජය ගනියි

එංගලන්තය ලකුණු 239 කින් ජය ගනියි

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව එංගලන්තයේ කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 239 ක ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම අද (31 වැනිදා) සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 492 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 252 ක් පමණි. තරගයේ සිවුවැනි දිනය වූ ඊයේ (30 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 117 ක් ලබා සිටි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ අද දිනයේදී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 135 ක් එක්කර ගත්හ.

එහිදී හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ඩීන් එල්ගා (136) හතරේ පහර 20 ක් සමගින් සිය 9 වැනි ටෙස්ට් ශතකය ලබාගත්තද, දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට ඔහුට නොහැකි විය.

මුල් පෙළ පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී ටෙම්බා බවුමා (32) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 108 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඩීන් එල්ගා සමත් විය. එහෙත් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට තරම් එම සම්බන්ධතාව ප්‍රමාණවත් නොවූ අතර ටෙම්බා බවුමා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගත් රෝලන්ඞ් ජෝන්ස් එම සම්බන්ධතාවට තිත තැබීය.

ඉන් අනතුරුව පිටියට පිවිසි වර්නන් පිලැන්දර්ද මුහුණදුන් පළමු පන්දුවෙන්ම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට රෝලන්ඞ් ජෝන්ස් සමත් වූ අතර මුලු ලකුණු සංඛ්‍යාව 252 ක්ව තිබියදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් මුයින් අලී එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.


එංගලන්තය - පළමු ඉනිම සියලු දෙනා දැවී 353
(ඇලිස්ටෙයාර් කුක් 88, ටොම් වෙස්ට්ලි 25, ජෝ රූට් 29, බෙන් ස්ටොක්ස් 112, ජොනී බෙයාස්ට්‍රෝ 36, මුයින් අලී 16, රෝලන්ඞ් ජෝන්ස් 25, මෝනි මෝකල් 70/3, වර්නන් පිලැන්දර් 32/2, කගිසෝ රබාඩා 85/2)

දකුණු අප්‍රිකාව - පළමු ඉනිම සියලු දෙනා දැවී 175
(හෙයිනෝ කූන් 15, ක්වින්ටින් ඩි’කුක් 17, ටෙම්බා බවුමා 52, කගිසෝ රබාඩා 30, රෝලන්ඞ් ජෝන්ස් 57/5, ජේම්ස් ඇන්ඩසන් 25/3)

එංගලන්තය - දෙවැනි ඉනිම කඩුලු 8 ක් දැවී 313
(කීටන් ජෙනින්ස් 48, ටොම් වෙස්ට්ලි 59, ජෝ රූට් 50, බෙන් ස්ටොක්ස් 31, ජොනී බොයාර්ස්ට්‍රෝ 63, රෝලන්ඞ් ජෝන්ස් නොදැවී 23, කේෂව් මහරාජ් 50/3, ක්‍රිස් මොරිස් 70/2)

දකුණු අප්‍රිකාව - දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 252
(ඩීන් එල්ගා 136, ටෙම්බා බවුමා 32, ක්‍රිස් මොරිස් 24, කගිසෝ රබාඩා 24, මුයින් අලී 45/4, රෝලන්ඞ් ජෝන්ස් 72/3, බෙන් ස්ටොක්ස් 51/2)


- 036

 


අදහස් (0)

එංගලන්තය ලකුණු 239 කින් ජය ගනියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.