Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව බර්මින්හැම්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 31 ක ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම අද (4 වැනිදා) සමත් විය. සිය 1000 වැනි ටෙස්ට් තරගයේදී ලැබූ එම ජයග්‍රහණයත් සමග ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද එංගලන්තයට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 193 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 162 කට සීමා කිරීමට බෙන් ස්ටෝක්ස් ප්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. තෙවැනි දිනය වූ ඊයේ (3 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 110 ක් ලබා සිටි ඉන්දීය කණ්ඩායමට අද දිනයේදී සිය දෙවැනි ඉනිමට එක් කරගත හැකි වූයේ තවත් ලකුණු 52 ක් පමණි.
ඉන්දීය දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ විරට් කෝලි හතරේ පහර 4 ක් සමග ලකුණු 51 ක් රැස්කළ අතර ඔහු හැරුණු කොට ඉන්දීය පිතිකරුවන් අතරින් ලකුණු 15 සීමාව පසුකර යෑමට සමත් වූයේ දිනේෂ් කාර්තික් (20) සහ හර්දික් පාණ්ඩ්‍යා (31) පමණි.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ බෙන් ස්ටෝක්ස් ලකුණු 40 කට කඩුලු 4 ක් දවාගත්තේ කෝලිගේ සහ පාණ්ඩ්‍යගේ කඩුලුද සමගිනි. එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑම සඳහා ස්ටෝක්ස්ට අනගි සහායක් දුන් ආරම්භක වේග පන්දු යවන්නන් යුගලය වූ ජෙම්ස් ඇන්ඩසන් සහ ස්ටුවට් බ්‍රෝඞ්ද කඩුලු 2 බැගින් බිඳහෙළමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූහ.
එංගලන්ත දෙවැනි ඉනිමේ ලකුණු අවශ්‍යවම තිබූ අවස්ථාවකදී 8 වැනි පිතිකරු ලෙස පිටියට පිවිස හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 63 ක් රැස්කරමින් සහ ඉන්දීය පළමු ඉනිමේදී තීර්ණාත්මක කඩුලු 4 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ සෑම් කරන් තරගයේ වීරයා බවට පත්විය.
එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 287
(කීටන් ජෙනින්ග් 42, ජෝ රූට් 80, ජොනී බෙයාර්ස්ටෝ 70, බෙන් ස්ටෝක්ස් 21, සෑම් කරන් 24, රවිචන්ද්‍රන් අශ්වින් 62/4, මොහොමඞ් ශාමී 64/3)
ඉන්දීය පළමු ඉනිම - සියලු දෙනා දැවී 274
(මුරලි විජේ 20, ශිකර් ධවාන් 26, විරාට් කෝලි 149, හර්දීක් පාණ්ඩ්‍යා 22, සෑම් කරන් 72/4, ආදිල් රෂීඞ් 31/2, ජේම්ස් ඇන්ඩසන් 41/2, බෙන් ස්ටෝක්ස් 73/2)
එංගලන්ත දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 180
(ඬේවිඞ් මැලන් 20, ජොනී බෙයාස්ට්‍රෝ 28, සෑම් කරන් 63, ඉෂාන්ත් ශර්මා 51/5, රවිචන්ද්‍රන් අෂ්වින් 59/3, උමේෂ් යාදව් 20/2)
ඉන්දීය දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 162
(විරාට් කෝලි 51, දිනේෂ් කාර්තික් 20, හර්දීක් පාණ්ඩ්‍යා 31, බෙන් ස්ටෝක්ස් 40/4, ස්ට්වට් බ්‍රෝඞ් 43/2, ජේම්ස් ඇන්ඩසන් 50/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.