Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner එංගලන්තය හඹාගොස් ජයගනී

එංගලන්තය හඹාගොස් ජයගනී

Nisanka Sandeepani - 2018 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව චෙස්ටර් ලේ ස්ට්‍රීට්හිදී පැවැති සිවුවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (21 වැනිදා) සමත් විය. මේ වන විට දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 4-0 ක් ලෙස ජය ගැනීමට එංගලන්තය සමත්ව සිටියි. 

ජයග්‍රහණය සඳහා ලකුණු 311 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායම ඕවර 44.4 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 29 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු නොදැවී ලකුණු 54 ක් රැස්කළ ජොස් බට්ලර් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. ඇලෙක්ස් හේල්ස් (34) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද බට්ලර් සමත් විය. 

ආරම්භක පිතිකරුවන් වූ ජේසන් රෝයි පන්දු 83 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 12 ක් සමග වේගවත් ශතකයක් (101) ලබාගනිමින් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය. ජොනී බෙයාස්ට්‍රෝ (79) සමග එක්ව එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු පන්දු 142 කදී ලකුණු 174 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රෝයි සමත් වූ අතර පන්දු 66 කට මුහුණදුන් බෙයාස්ට්‍රෝ ඊට හතරේ පහර 10 ක් අන්තර්ගත කළේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ශතක ලබාගැනීමට ආරම්භක පිතිකරු ඒරන් ෆින්ච් (100) සහ ෂෝන් මාෂ් (101) සමත් වූහ. පන්දු 106 කදී වාර්තා වූ ෆින්ච්ගේ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් අන්තර්ගත වූ අතර පන්දු 92 කදී වාර්තා වූ මාෂ්ගේ ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය. 

ට්‍රැවිස් හෙඞ් (63) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 115 කදී ලකුණු 101 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ෆින්ච්, ඉන් නොනැවතී ෂොන් මාෂ් (101) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 120 කදී ලකුණු 124 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඕස්ට්‍රේලියානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහල දැමීය. පන්දු 64 කට මුහුණදුන් හෙඞ් හතරේ පහර 9 ක් සමගින් ලකුණු රැස්කළේය. 

ඕස්ට්‍රේලියානු ඉනිමේ පසු පෙළ විනාශ කර දැමූ ඬේවිඞ් විලී ලකුණු 43 කට කඩුලු 4 ක් දවාගත් අතර මාක් වුඞ් සහ ආදිල් රෂීඞ් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. 

ඕස්ට්‍රේලියාව- ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 310 
(ඒරන් ෆින්ච් 100, ට්‍රැවිස් හෙඞ් 63, ෂෝන් මාෂ් 101, ඇස්ටන් ඒගර් 19, ඬේවිඞ් විලී 43/4, මාක් වුඞ් 49/2, ආදිල් රෂීඞ් 73/2)  

එංගලන්තය - ඕවර 44.4 කදී කඩුලු 4 ක් දැවී 314  
(ජේසන් රෝයි 101, ජොනී බෙයාස්ට්‍රෝ 79, ඇලෙක්ස් හේල්ස් නොදැවී 34, ජෝ රූට් 27, ජොස් බට්ලර් නොදැවී 54, ඇස්ටන් ඒගර් 48/2) 

-036


අදහස් (0)

එංගලන්තය හඹාගොස් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.