Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අප්‍රිකාවට එරෙහිව කාඩිෆ්හිදී ඊයේ (25 වැනිදා) පැවැති තෙවැනි විස්සයි20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 19 ක ජයක් අත්කරගත් එංගලන්තය දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 182 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකාවට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 162 ක් පමණි.
පන්දු 19 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 35 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට නායක ඒ. බී. ඩිවිලියස් උත්සාහ ගත්තද, මේසන් ක්‍රේන්ගේ පන්දුවක් හමුවේ ඇලෙක්ස් හේල්ස් අතට උජ පන්දුවක් දෙමින් දැවී යෑම නිසා ඔහුගේ උත්සාහය අසාර්ථක විය.
ලකුණු 91 කට කඩුලු 6 ක් දැවී අසීරු තත්ත්වයකට පත්ව තිබූ දකුණු අප්‍රිකානු කණ්ඩායම එම තත්ත්වයෙන් මුදාගැනීමට 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මැංගලිසෝ මොෂෙල් (36) සහ ඇන්ඩිල් පෙලුක්වායෝ (නොදැවී) සමත් වූහ. එහෙත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට තරම් එම සම්බන්ධතාව ප්‍රමාණවත් නොවීය.
පන්දු 22 කදී වාරත් වූ මැංගලිසෝ මොෂෙල්ගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහරක් ඇතුළත් වූ අතර පන්දු 20 කදී වාර්තා වූ ඇන්ඩිල් පෙලුක්වායෝගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය.
ක්‍රිස් ජෝදාන් ලකුණු 31 කට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් තිදෙනෙක්ම ආපසු ක්‍රීඩාගාරයට හරවා යවමින් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණයට දායකත්වය සැපයූ අතර සිය දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර තරගයට සහභාගි වූ ටොම් කරන් ලකුණු 22 කට කඩුලු 2 ක් දවාගත්තේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ඕවර 20 අවසනායේ කඩුලු 8 ක් දැවී ලකුණු 181 ක් රැස්කළ අතර සිය මංගල විස්සයි20 ජාත්‍යන්තර තරගයට සහභාගි වූ ඬේවිඞ් මෙලන් එහිදී වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 44 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 12 ක් සමග ලකුණු 78 ක් රැස්කළේය. මෙම තරගයේදී තමා මුහුණදුන් පළමු පන්දුවම හයේ සීමාවට ඉහළින් යැවූ ඬේවිඞ් මෙලන් තරගයේ වීරයා ලෙසද සම්මාන දිනාගත්තේය.
ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස් (36) සමග එක්ව එංගලන්ත ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 63 කදී ලකුණු 105 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඬේවිඞ් මෙලන් සමත් විය. පන්දු 28 කදී වාර්තා වූ හේල්ස්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය.
ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගයෙන් පන්දුවට පහරදුන් නායක ජොස් බට්ලර් පන්දු 22 කදී ලකුණු 31 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහරක්ද සමගිනි.
බට්ලර්ගේ කඩුල්ලත් සමග ලකුණු 32 කට කඩුලු 4 ක් දවාගනිමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සාර්ථකම පන්දුයවන්නා බවට පත් වීමට ඬේන් පීටර්සන් සමත් වූ අතර එංගලන්ත පිතිකරුවන් මෙල්ල කිරීමට සඳහා ඔහුට අනගි සහායක් දුන් ඇන්ඩිල් පෙලුක්වායෝ ලකුණු 44 කට කඩුලු 2 ක් දවාගත්තේය.
එංගලන්තය - ඕවර 20 කදී කඩුලු 8 කට 181
(ඇලෙක්ස් හේල්ස් 36, ඬේවිඞ් මෙලන් 78, ජොස් බට්ලර් 31, ඬේන් පීටර්සන් 32/4, ඇන්ඩිල් පෙලුක්වායෝ 44/2)
දකුණු අප්‍රිකාව - ඕවර 20 කදී කඩුලු 7 කට 162
(ජේ. ජේ. ස්මට්ස් 29, ඒ. බී. ඩිවිලියර්ස් 35, මැංගලිසෝ මොෂෙල් 36, ඇන්ඩිල් පෙලුක්වායෝ නොදැවී 27, ක්‍රිස් ජෝදාන් 31/3, ටොම් කරන් 22/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.