Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner එංගලන්ත කාන්තා පිලට කඩුලු 8 ක ජයක්

එංගලන්ත කාන්තා පිලට කඩුලු 8 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කාන්තා පිල සහ ශ්‍රී ලංකා කාන්තා පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (24) පැවැති පළමු තරගයෙන් එංගලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු අටක පහසු ජයක් ලැබීමට සමත් වූහ.

එංගලන්ත පිතිකාරියෝ ලකුණු 95 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 14.2 කදී කඩුලු දෙකක් පමණක් දැවී සම්පූර්ණ කළහ.  එංගලන්ත ආරම්භක පිතිකාරී ටැමී බියුමන්ට් පන්දු 43 කදී හතරේ පහර හයක් සමගින් නොදැවී ලකුණු 50 ක් රැස්කිරීමට සමත් වූවාය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ලකුණු 94 කට සීමා කෙරිණ. ඕෂදී රණසිංහ පන්දු 24 කදී නොදැවී ලකුණු 20 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූවාය.

ශ්‍රී ලංකා පිතිකාරියන් අට දෙනකුම ලකුණු දහයේ සීමාවට හෝ ඒමට අසමත් වීම කැපී පෙනුණි.වමතින් මද වේග පන්දු යවන ලින්සේ ස්මිත් ලකුණු 18 කට කඩුලු තුනක් දවාගත්තාය.  

දෙපිල අතර දෙවැනි විස්සයි20 පී. සරවනමුත්තු පිටියේදී අනිද්දා (26) පැවැත්වේ.

 

- 048


අදහස් (0)

එංගලන්ත කාන්තා පිලට කඩුලු 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.