Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ඉන්දීය දූපත් සමූහයේදී විස්සයි:20 තරගාවලියකට සහභාගි වෙමින් සිටින එංගලන්ත කණ්ඩායමේ නායකයා වන ස්ටුවර්ට් බ්‍රෝඞ්ගේ දණහිසේ ඇතිවී තිබෙන ආබාධයක් හේතුවෙන් එම තරගාවලියේ ඉතිරි තරග දෙකට කී‍්‍රඩා කිරීමෙන් වැළකී සිටීමට බ්‍රෝඞ් තීරණය කර තිබේ.
මෙම ආබාධයේ ඇති බරපතළ තත්ත්වය වන්නේ එංගලන්ත පිලේ විස්සයි:20 නායකයාට තවත් දින 10 කින් ආරම්භ වන විස්සයි:20 ලෝක කුසලාන තරගාවලිය අහිමි වේද යන්න පිළිබඳව තිබෙන අවදානමයි.
දණහිසේ පවතින සුලභ ආබාධයකට මුහුණ දී සිටින බ්‍රෝඞ් විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේදී කී‍්‍රඩා කිරීමට නම් ඒ සඳහා විශේෂ එන්නතක් ලබාගත යුතු බව වෛද්‍ය මතයයි.
විස්සයි:20 කි‍්‍රකට් කී‍්‍රඩාවේ වත්මන් ලෝක ශූරයන් වන බටහිර ඉන්දීය කොදෙව් පිල සහ එංගලන්තය අතර ඊයේ (9 වැනිදා) බි‍්‍රජ්ටවුන්හිදී පැවැති එක්දින තරගයේදී ස්ටුවර්ට් බ්‍රෝඞ්ගේ මෙම ආබාධය ඉස්මතු වී තිබේ. මෙම තරගයෙන් එංගලන්තය ලකුණු 27 ක පරාජයක් ලැබීය.
ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්ත පිලේ පළමු තරගය පැවැත්වෙන්නේ මේ මස 22 වැනිදා නවසීලන්ත පිලට එරෙහිව චිතගොන්හිදීය. ශී‍්‍ර ලංකා කණ්ඩායම කී‍්‍රඩා කරන්නේද එංගලන්තය ඇතුළත් 1 වැනි කාණ්ඩයෙනි.
මාසයකට පමණ ඉහතදී නිමාවූ ඕස්ටේ‍්‍රලියානු සංචාරයේදී වැඩිම තරග සංඛ්‍යාවකට කී‍්‍රඩා කළ කී‍්‍රඩකයා ස්ටුවර්ට් බ්‍රෝඞ්ය. එම තරගාවලියට ටෙස්ට් තරග 5 ක්, එක්දින තරග 5 ක් සහ විස්සයි 20 තරග 3 ක් ඇතුළත් විය.
”පසුගිය ශීත සෘතුවේදී ( ඕස්ටේ‍්‍රලියානු සංචාරය) තිබුණ අධික තරග සංඛ්‍යාව නිසා මට විවේකයක් තිබුණේම නෑ. ඒ නිසා මේ ආබාධය එන්න එන්නම නරක අතට හැරුණා” යයි 27 හැවිරිදි ස්ටුවර්ට් බ්‍රෝඞ් පුවත් පත් වාර්තාකරුවන්ට පවසා තිබණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.