Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලන්ඩන් නුවර ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (14 වැනිදා) පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 86 ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. මේ අනුව තරගාවලිය 1-1 ක් ලෙස සමකර ගැනීමටද එංගලන්ත කණ්ඩායමට හැකිවිය.
ජයග්‍රහණය සඳහා ලකුණු 323 ක ඉලක්කයක් හඹාගිය ඉන්දිය කණ්ඩායමට ඕවර 50 අවසානයේදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 236 ක් පමණි.
ඉනිම ආරම්භයේ සිට මනා පාලනයකින් යුතුව පන්දු යැවූ එංගලන්ත පන්දු යවන්නෝ තරගයේ පාලනය සියතට ගනිමින් ජයග්‍රහණය කරා සිය කණ්ඩායම රැගෙන ගියහ.
ලකුණු 46 ක් ලබාගත් සුරේෂ් රයිනා ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර නායක විරාට් කෝලී ලකුණු 45 කට දැවී ගියේය.
ලයම් ප්ලන්කට් ලකුණු 46 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර ඔහුට අනගි සහයක් දැක්වූ අදිල් රෂීඞ් සහ ඬේවිඞ් විලී කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.
කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙමින් ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 322 ක් රැස්කිරීමට සමත්විය.
පන්දු 109 කදී සිය 12 වැනි එක්දින ශතකය ලබාගත් ජෝ රූට් අවාසනාවන්ත දුවද්දී දැවී යාමකට හසුව ලකුණු 113 ක් රැස්කර සිටියදී පිටියෙන් ඉවත්වීමට ඔහුට සිදුවිය. පන්දු 116 කට මුහුණදුන් ජෝ රූට්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 8 කින් අලංකාර විය.
නායක ඔයින් මෝගන් පන්දු 51 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 53 ක් රැස්කිරීමට සමත්විය. අවසන් මොහොතේ වේගවත් පිතිහරඹයක නිරතවූ ඬේවිඞ් විලී පන්දු 31 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 50 ක් රැස්කරමින් එංගලන්ත පිල ලකුණු 300 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්විය.
තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත් ජෝ රූට් හත්වැනි කඩුල්ල සඳහා ඬේවිඞ් විලී සමගින් එක්ව පන්දු 50 කදී ලකුණු 83 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්විය.
එංගලන්තය - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 322
(ජේසන් රෝයි 40, ජොනී බෙයාර්ස්ටෝ 38, ජෝ රූට් 113, ඔයින් මෝගන් 53, ඬේවිඞ් විලී නොදැවී 50, කුල්දීප් යාදව් 68/3)
ඉන්දියාව - ඕවර 50 කදී සියලුදෙනා දැවී ලකුණු 236
(ශීකර් ධවාන් 36, විරාට් කෝලී 45, සුරේෂ් රයිනා 46, මහේන්ද්‍ර සිං දෝනී 37, හර්දික් පාණ්ඩ්‍යා 21, ලයම් ප්ලන්කට් 46/4, අදිල් රෂීඞ් 38/2, ඬේවිඞ් විලී 48/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.