Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි

එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි

Nisanka Sandeepani - 2018 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද එංගලන්ත සංචිතයට තවමත් එක්දින වරම් දිනා නොමැති වේග පන්දු යවන ක්‍රීඩක ඔලී ස්ටෝන් කැඳවීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. 

වොවික්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන 24 හැවිරිදි ක්‍රීඩක ඔලී ස්ටෝන්, මෙවර රෝයල් ලන්ඩන් එක්දින තරගාවලියේ මේ දක්වා පැවැති තරගවලදී කඩුලු 12 ක් දවාගැනීමට සමත්ව සිටින්නේ කඩුල්ලක් දවාගැනීම සඳහා 28.17 ක සාමාන්‍යක් රඳවාගනිමිනි. ඔහු එංගලන්ත කණ්ඩායමට කැඳවා සිටින්නේ ලයාම් ප්ලන්කට්ගේ හිඩැස පිරවීම සඳහාය. 

සංචිතයට ඇතුළත්ව සිටියද සිය විවාහ මංගල්‍ය හේතුවෙන් ප්ලන්කට්ට ශ්‍රී ලංකාට එරෙහිව පැවැත්වෙන පළමු තරග 3 අහිමිවන බවත්, සිවුවැනි සහ අවසන් තරගවලට සහභාගි වීම සඳහා විවාහ මංගල්‍යය නිමා වීමෙන් අනතුරුව ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර සිටියි. 

එංගලන්ත සංචිතයට සෑම් කරන් සහ සහ ටොම් කරන් දෙසොහොයුරන් ඇතුළත්ව සිටින අතර මෙම තරගාවලියේදී ඔවුන් දෙදෙනාම එකවර එංගලන්ත කණ්ඩායමට ක්‍රීඩා කළහොත් එය 1999 වසරෙන් පසුව සොහොයුරන් දෙදෙනෙකු එකවර එංගලන්ත කණ්ඩායමට පළමු අවස්ථාව වනු ඇත. 1999 වසරේදී ඇඩම් හොලිඕක් සහ බෙන් හොලිඕක්ගෙන් පසුව මේ දක්වා සොහොයුරන් දෙදෙනකු එකවර එංගලන්ත කණ්ඩායමට කර නොමැත. 

ලයාම් ඬේව්සන්, ආදිල් රෂීඞ් සහ මුයින් අලී එංගලන්ත සංචිතයේ දඟ පන්දු යවන්නන් ලෙස කටයුතු කරන අතර  දණහිසේ ආබාධයක් හේතුවෙන් ඕස්ටේ්‍රලියානු සහ ඉන්දීය තරගාවලි සඳහා සහභාගි නොවූ ක්‍රිස් වෝක්ස්ද මෙම තරගාවලිය සඳහා නම් කරන ලද එංගලන්ත සංචිතයට ඇතුළත්ව සිටියි. 

ඔක්තෝබර් මස 10 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු තරග දෙක දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීද, තෙවැනි සහ සිව්වැනි තරග මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදීද, අවසන් තරගය කොළ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීද පැවැත්වීමට නියමිතය. 

එංගලන්ත සංචිතය 
ඔයින් මෝගන් (නායක), මුයින් අලී, ජොනී බෙයාස්ට්‍රෝ, ජොස් බට්ලර්, සෑම් කරන්, ටොම් කරන්, ලයාම් ඬේව්සන්, ඇලෙක්ස් හේල්ස්, ලයාම් ප්ලන්කට්, ආදිල් රෂීඞ්, ජෝ රූට්, ජේසන් රෝයි, බෙන් ස්ටෝක්ස්, ඕලි ස්ටෝන්, ක්‍රිස් වෝක්ස් සහ මාක් වුඞ් 

-036 


අදහස් (1)

එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.