Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා එංගලන්ත පිලේ ප‍්‍රබලතම තුන් ඉරියව් කී‍්‍රඩකයා මෙන්ම විස්සයි:20 නායකයාද වන ස්ටුවර්ට් බ්‍රෝඞ් සහභාගි නොවනු ඇතැයි එංගලන්තයේ ‘ඬේලි මේල්’ පුවත්පත ප‍්‍රකාශ කරයි. දණහිසේ පවතින ආබාධයක් හේතුවෙන් බ්‍රෝඞ් මෙම තරගාවලියට සහභාගි නොවන බවත් මෙම හේතුව නිසාම ඇතැම් විට විස්සයි:20 නායකත්වය අතහැරීමට පවා සිදුවිය හැකි බවත් එම වාර්තාවෙන් කියැවේ.
ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර එකම විස්සයි:20 තරගය මේ මස 20 වැනිදා කෙනින්ග්ටන් ඕවල් පිටියේදී පැවැත්වෙන අතර එක්දින තරගාවලිය 22 වැනිදා ආරම්භ වේ.
පසුගිය වසර අගදී පැවැති අළු බඳුන තරගාවලියේදී දිගින් දිගටම පන්දු යැවීම හේතුවෙන් ඇතිවූයේ යැයි කියැවෙන මෙම දණහිසේ ආබාධය පළමුවෙන් මතුවූයේ විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැති එංගලන්ත පිලේ කොදෙව් සංචාරයේදීය.
මේ වන විට විවේක ගනිමින් සිටින බ්‍රෝඞ් තවමන් පන්දු යැවීමේ නොයෙදේ. කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සඳහා තමන් සූදානම් වන බවද ඔහු කියයි.
”මම මේ සතියේ දිවිම ආරම්භ කරනවා. ලබන සතියේ පන්දු යැවීම ආරම්භ කරනවා” යයි අලෙවි ප‍්‍රවර්ධන වැඩසටහනකට සහභාගි වෙමින් බ්‍රෝඞ් පැවසීය.
”මා කාලයක් තිස්සේ මේ ආබාධය ගැන පරෙස්සමෙන් හිටියා. ඒත් පසුගිය ශීත සෘතුවේදී මට කරන්න තිබුණ වැඩ ප‍්‍රමාණය අධික වීම නිසා තත්ත්වය නරක අතට හැරුණා”
”වයස 32 දී වඩාත් දරුණු අතට පත්කරගන්නවාට වඩා අවුරුදු 27 දී මේ ආබාධය සුවකරගන්න එක හොඳයි...මට තවත් ඉන්ජෙක්ෂන් ඕනෑ නෑ. විවේක ගනිමින් එය ශක්තිමත් කරගන්න එකයි තියෙන්නේ” යයිද බ්‍රෝඞ් පැවසීය.
මෙම තත්ත්වය අනුව 20 වැනිදා කෙනින්ග්ටන් ඕවල් පිටියේදී පැවැත්වෙන විස්සයි:20 තරගයේදී එංගලන්ත පිලේ නායකත්වය ඔයින් මෝගන්ට හිමිවනු ඇතැයිද කියැවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.