එක්දින තරග 2ක් ටෙස්ට් තරගයක් ගිල දමයි
ටෙස්ට් තරග දෙකකින්, එක්දින තරග 5 කින් සහ විස්සයි20 තරගයකින් සමන්විත තරගාවලියකට සහභාගි වීම සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ලබන ජූනි සහ අගෝස්තු මාසවලදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය. මෙම තරගාවලිය ටෙස්ට් තරග 3 කින් සමන්විත වීමට නියමිතව තිබුණද ටෙස්ට් තරගයක් අවලංගු කරමින් ඒ සඳහා එක්දන තරග දෙකක් ඇතුළත් කර තිබේ.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සහ කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරග දෙක පැවැත්වෙයි. රංගිරි දඹුල්ල, පල්ලෙකැලේ සහ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණවලදී එක්දින තරග 5 සහ විස්සයි20 තරගය පැවැත්වේ.
මූලික සැලැස්ම අනුව මෙම තරගාවලියට ඇතුළත් වූයේ ටෙස්ට් තරග 3 ක් පමණි. එහෙත් 2019 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කරගැනීමට එක්දින තරග වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වන බැවින් ටෙස්ට් තරගයක් වෙනුවට එක්දින තරග දෙකක් ඇතුළත් කර තිබේ. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කළ යෝජනාවට දකණු අප්‍රිකානුවන් එකඟ වී තිබේ.
කෙසේ වෙතත් එක්දින තරග වල ආදායම වැඩි වීමත් ටෙස්ට් තරග සඳහා වියදම අධික වීමත් මෙහි තිරයෙන් පිටුපස තිබෙන තවත් සත්‍යයකි.
2018 ටෙස්ට් තරගාවලියට ඈඳා ඇත්තේ 2019 දී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තිබූ තරග 3 ක එක්දින තරගාවලියකි. 2018 තරගාවලියෙන් ටෙස්ට් තරගයක් අහෝසි කිරීම නිසා එම ටෙස්ට් තරගය වෙනුවට එක්දින තරග දෙකක් හිලව් කරමින් එය එක්දින තරග 5 ක තරගාවලියක් බවට පත්කර තිබේ.
මෙම තරගාවලියට සහභාගි වන දකුණු අප්‍රිකානු කණ්ඩායම ජූලි මස 4 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත අතර පළමු ටෙස්ට් තරගයට පෙර 7 සහ 8 යන දිනවලදී දෙදින පුහුණු තරගයකට සහභාගි වීමටද නියමිතය. දෙරට අතර පැවැත්වෙන එක්දින තරග 5 න් 3 ක් දිවා/රාත්‍රී තරග ලෙස පැවැත්වීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු සංවිධානය කර තිබේ.
තරග කාලසටහන
■ පළමු ටෙස්ට් තරගය - ජූලි මස 12 වැනිදා සිට 16 වැනිදා දක්වා - ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
■ දෙවැනි ටෙස්ට් තරගය - ජූලි මස 20 වැනිදා සිට 24 වැනිදා දක්වා - කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී
■ පළමු එක්දින තරගය (දිවා) - ජූලි මස 29 වැනිදා දක්වා - රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
■ දෙවැනි එක්දින තරගය (දිවා/රාත්‍රී) - අගෝස්තු මස 1 වැනිදා දක්වා - රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
■ තෙවැනි එක්දින තරගය (දිවා) - අගෝස්තු මස 5 වැනිදා දක්වා - පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
■ සිවුවැනි එක්දින තරගය (දිවා/රාත්‍රී) - අගෝස්තු මස 8 වැනිදා දක්වා - පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
■ පස්වැනි එක්දින තරගය (දිවා/රාත්‍රී) - අගෝස්තු මස 12 වැනිදා දක්වා - කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
■ විස්සයි20 තරගය (දිවා/රාත්‍රී) - අගෝස්තු මස 14 වැනිදා දක්වා - කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී