Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර සෙන්චූරියන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පාකිස්තාන ඉනිම ලකුණු 181 කට සීමා කිරීමට ඩුඈන් ඔලිවර් ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ.
පළමු දිනය වූ ඊයේ (26 වැනිදා) තරගය නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 127 ක් ලබා පාකිස්තානයට වඩා තවත් ලකුණු 54 ක් පසුපසින් සිටියේය.
ඒ වන විට ටෙම්බා බවුමා හතරේ පහර 6 ක් සමගින් ලකුණු 38 ක්ද, රාත්‍රී මුරකරු පිතිකරු ලෙස පිටියට පිවිසි ඬේල් ස්ටේන් හතරේ පහර 2 ක් සමගින් ලකුණු 13 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
මුලු ලකුණු සංඛ්‍යාව 19 ක් වන විට ආරම්භක පිතිකරු ඒඞ්න් මාක්‍රම් (12) දැවීගියේ හසන් අලීගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි. දකණු අප්‍රිකානු කණ්ඩායමේ සෙසු මුල් පෙළ පිතිකරුවන්ටද පිටියේ ස්ථාවර වීමට පාකිස්තාන පන්දු යවන්නන්ගෙන් ඉඩක් නොලැබුණ අතර මොහොමඞ් අමීර් සහ ශහීන් අෆ්රිඩි කඩුලු 2 බැගින් දවාගනිමින් දකුණු අප්‍රිකානු පිතිකරුවන් පීඩනයට පත් කළහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට ඩුඈන් ඔලිවර් ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 181 ක් පමණි.
පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ බාබර් අසාම් පන්දු 79 කදී වේගවත් ලකුණු 71 ක් රැස්කළේ හතරේ පහර 15 ක් සමගිනි. හසන් අලී (නොදැවී 21) සමග එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද අසාම් සමත් විය. අලීගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් අන්තර්ගත විය.
සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ප්‍රදර්ශනය කළ ඩුඈන් ඔලිවර් ලකුණු 37 කට කඩුලු 6 ක් දවාගත් අතර පාකිස්තාන ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් කගිසෝ රබාඩා ලකුණු 59 කට කඩුලු 3 ක් දවාගත්තේය.
මෙම තරගයේදී සිය 422 වැනි ටෙස්ට් කඩුල්ල ලෙස ෆකාර් සමාන් දවාගැනීමත් සමග දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගත් ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වීමට ඬේල් ස්ටේන් සමත් විය.
පාකිස්තාන පළමු ඉනිම - සියලු දෙනා දැවී 181
(ශාන් මක්සූද් 19, අසාර් අලී 36, බාබර් අසාම් 71, හසන් අලී නොදැවී 21, ඩුඈන් ඔලිවර් 37/6, කගිසෝ රබාඩා 59/3)
දකුණු අප්‍රිකානු පළමු ඉනිම - කඩුලු 5 ක් දැවී 127
(ඩීන් එල්ගා 22, තියුනිස් ඩි’බ්‍රයන් 29, ටෙම්බා බවුමා නොදැවී 38, මොහොමඞ් අමීර් 26/2, ශහීන් අෆ්රිඩි 36/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.