Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මාෂ් සොහොයුරන්ගේ අති විශිෂ්ට සම්බන්ධතාව නිසා මුල් ඉනිමේදී ලකුණු 303 ක වාසියක් ලබාගත් ඕස්ට්‍රේලියානුවෝ සිඞ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පස්වැනි අළු බඳුන තරගයේදී ඉනිමක ජයක් කරා යමින් සිටිති. ඕස්ට්‍රේලියානු පිලේ හිටපු ආරම්භක පිතිකරුවා වන ජෙෆ්රි මාෂ් (ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරු) මහතාගේ පුතුන් දෙදෙනා වන මිචෙල් මාෂ් සහ ෂෝන් මාෂ් දෙදෙනාම ශතක ලබාගත් හෙයින් තරගයේ සිව්වැනි දිනය වන අද (7 වැනිදා) සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 649 ක් ලබාගැනීමට සත්කාරක කණ්ඩායම සමත් විය.
![]() |
![]() |
තේ පානයට මඳ වේලාවකට පෙර සිය ඉනිම නතර කළ ඕස්ට්‍රේලියානුවෝ දිනය අවසන් වීමට පෙර ලකුණු 93 ක් ඇතුළතදී එංගලන්ත පිලේ කඩුලු 4 ක් තමන් සතුකරගනිමින් එංගලන්ත පිල පරාජයේ පල්ලම වෙත තල්ලු කර දැමීමට සමත් ව සිටියහ. කඩුලු 6 ක් පමණක් අතැතිව සිටින එංගලන්ත පිලට සිය ප්‍රතිවාදීන් නැවතත් පිතිහරඹයට කැඳවීමට නම් තවත් ලකුණු 210 ක් ලබාගත යුතුව තිබේ. දැනටමත් 3-0 ලෙසින් තරගාවලියේ පසුපසින් සිටින එංගලන්ත කණ්ඩායම සිඞ්නි නගරයේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් තරමක් අපහසුතාවට පත්ව සිටියේය. මේ දිනවල සිඞ්නිහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 සීමාවට ආසන්න වී තිබේ.
මෙල්බර්න්හිදී නොදැවී ද්විත්ව ශතකයක් ලබාගත් එංගලන්තයේ හිටපු නායක ඇලිස්ටෙයාර් කුක් අද ලකුණු 10 කට දැවී ගියද ටෙස්ට් ලකුණු 12,000 සීමාව පසුකර යාමට සමත්විය. එහෙත් එයින් ඔහුට මිස එංගලන්ත කණ්ඩායමට ඇති සෙතක් නොවීය. ටෙස්ට් ලකුණු 12,000 පසුකර ගිය 6 වැනි පිතිකරුවා ලෙසින් ඇලිස්ටෙයාර් කුක් ක්‍රිකට් වාර්තා පොතට ඇතුළත් වූයේය.
ඇඟිල්ලක් තුවාල වී තිබියදීත් නායක ජෝ රූට් සිය කණ්ඩායම වෙනුවෙන් සටනට පිවිස ලකුණු 42 ක් ලබා නොදැවී සිටී. අනෙක් අන්තයේ සිටි ජොනී බෙයාර්ස්ටෝ නොදැවී ලකුණු 17 ක් ලබා සිටින අතර අවසන් දිනයේදී ඕස්ටේ්‍රලියානු පන්දු යවන්නන් සමග ගනුදෙනුව බේරා ගැනීමට මෙම පිතිකරුවන් දෙදෙනාට සිදුව තිබේ.
අළු බඳුන තරගයක එකම ඉනිමේදී ශතක ලබාගත් සොහායුරන් අතරට දැන් මාෂ්ලා දෙදෙනාත් එක්ව සිටිති. 1972 දී ඉයන් සහ ග්‍රෙග් චැපල් සොහොයුරෝද 2001 දී මාක් සහ ස්ටීව් සොහෙයුරෝද එම දස්කම කළහ. ෂෝන් මාෂ් පන්දු 291 කදී ලකුණු 156 ක් ලබාගැනීමෙන් පසුව දුවද්දී දැවී ගියේය. සිය ශතකය ලබාගැනීමෙන් පසුව මුහුණ දුන් දෙවැනි පන්දුවේදී මිචෙල් මාෂ් දැවී ගියේය.
මාෂ්ලා දෙදෙනා අතර පැවැති ලකුණු 169 සම්බන්ධතාවත් උස්මන් කවාජා ලබාගත් ලකුණු 11 ත් නිසා මුල් ඉනිමේදී ලකුණු 600 සීමාව පසුකර යාමට ඕස්ට්‍රේලියානුවන්ට හැකිවිය. වරින් වර ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඇතුළත් වෙමින්ද වරෙක හැළෙමින්ද සිටි ෂෝන් මාෂ් මෙම තරගයට තෝරා ගැනීමත් විවාද සම්පන්න මාතෘකාවක් විය. මිචෙල් මාෂ් නැවතත් කණ්ඩායමට කැඳවන ලද්දේ පර්ත්හිදී පැවැති තුන්වැනි තරගයේ සිටය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.