Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඇඩිලේඞ්හිදී අද (9) පැවැති දෙවැනි එක්දින තරගය ලකුණු 7 කින් ජයගැනීමට සත්කාරක ඕස්ට්‍රේලියාව සමත්විය. ඒ සමගින් තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සමකර ගැනීමටද ඕස්ට්‍රේලියාව සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 232 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 224 ක් පමණි. ඬේවිඞ් මිලර් පන්දු 71 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 51 ක් සහ ෆැෆ් ඩු ප්ලේසීස් පන්දු 65 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 47 ක් රැස්කළද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.
මාකස් ස්ටොයිනිස් කඩුලු 3 ක්ද ජොස් හසල්වුඞ් සහ මිචෙල් ස්ටාර්ක් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහරදීම සඳහා ඕස්ට්‍රේලියාවට ආරාධනා කළ අතර ඕවර 48.3 කදී සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 231 ක් පමණි.
ඇලෙක්ස් කේරී (47), ක්‍රිස් ලයන් (44) සහ ඒරන් ෆින්ච් (41) ඕස්ටේ්රලියාව ලකුණු 200 සිමාවෙන් ඔබ්බට රැගෙන යාමට දායකවූහ.
ඇඩම් සම්පා (22) සහ ජොස් හසල්වුඞ් (10) එක්ව අවසන් කඩුල්ල සඳහා පැවැත්වූ ලකුණු 27 ක සම්බන්ධතාවය ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණය හේතුවිය.
කගීසෝ රබාඩා කඩුලු 4 ක්ද ඞ්වේන් ප්‍රිටෝරියස් කඩුලු 3 ක් සහ ඬේල් ස්ටේන් කඩුලු 2 ක් දවාගනිමින් දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ඕස්ට්‍රේලියාව - ඕවර 48.3 කදී සියලුදෙනා දැවී 231
(ඒරන් ෆින්ච් 41, ශෝන් මාෂ් 22, ක්‍රිස් ලයන් 44, ඇලෙක්ස් කේරී 47, ඇඩම් සම්පා 22, කගීසෝ රබාඩා 54/4, ඞ්වේන් ප්‍රිටෝරියස් 32/3, ඬේල් ස්ටේන් 31/2)
දකුණු අප්‍රිකාව - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 224
(ෆැෆ් ඩු ප්ලේසීස් 47, ඬේවිඞ් මිලර් 51, මාකස් ස්ටොයිනිස් 35/3, ජොස් හසල්වුඞ් 42/2, මිචෙල් ස්ටාර්ක් 51/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.