Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පර්ත්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය තෙවැනි දිනට (16 වැනිදා) නතර කරනවිට ඉන්දීය කණ්ඩායමට වඩා ලකුණු 175 ක් ඉදිරියෙන් සිටීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව ඇත.
මේ වනවිට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 132 ක් රැස්කිරීමට සමත්ව ඇති අතර උස්මාන් කවාජා ලකුණු 41 ක් සහ ටිම් පේන් ලකුණු 8 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.
මුල් පෙළ පිතිකරුවන්ට සාර්ථක වීමට අවස්ථාවක් ලබානොදීමට ඉන්දීය වේගපන්දු යවන්නෝ සමත්වූහ. දැවීගිය කඩුලු 4 න් දෙකක් මොහොමඞ් ශාමීට හිමිවූ අතර ඉතිරි කඩුලු 2 ඉශාන්ත් ශර්මා සම ජස්ප්‍රීට් බුම්රා අතර බෙදී ගියහ.
මොහොමඞ් ශාමී යවන ලද කෙටි පන්දුවකට පහරක් ගැසීමට යාමේදී පිත්තේ නොවැදුණු පන්දුව දකුණු අතේ සුළගිල්ලේ වැදී අස්ථී බිදීයාමකට ලක්වීම හේතුවෙන් ලකුණු 25 ක් ලබාසිටි ඒරන් ෆින්ච්න්ට පිටියෙන් ඉවත්වීමට සිදුවිය.
දෙවැනි දිනට ඊයේ (15 වැනිදා) තරගය අවසන් කරනවිට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 172 ක් රැස්කර සිටියේය. නමුත් අද දිනයේදී නේතන් ලයන්ගේ පන්දු යැවීම හමුවේ ඉන්දීය කණ්ඩායමේ ඉතිරි කඩුලු 7 ලකුණු 111 ක් තුළ දැවී ගියේය.
සිය 25 වන ටෙස්ට් ශතකය ලබාගනිමින් ඉන්දීය කණ්ඩායම ලකුණු 300 සීමාව ආසන්නයට රැගෙන ගිය විරාට් කෝලී දැවී යන විට ලකුණු 123 ක් රැස් කිරීමට සමත්විය. පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේ පීටර් හැන්ඞ්ස්කොම්ස් රැකගත් උඩපන්දුව හමුවේ දැවීගිය කෝලී පන්දු 257 කට මුහුණදී සිටි අතර හයේ පහරක් සහ හතරේ පහර 13 කින් සිය ඉනිම අලංකාර කිරීමට සමත්විය.
නේතන් ලයන් ලකුණු 67 කට කඩුලු 5 ක් දවාගනිමින් ඉන්දීය පිතිකරුවන් මෙල්ල කිරීමට සමත්වූ අතර ඔහුට අනගි සහයක් ලබාදුන් මිචෙල් ස්ටාර්ක් සහ ජොෂ් හේසල්වුඞ් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
අර්ධ ශතකයක් (51) ක් ලබාගත් අජින්ඛ්‍යා රහනේ සමගින් එක්ව සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 91 ක සම්බන්ධතාවයක් ගොඩනැගී විරාට් කෝලී ඉන් නොනැවතී පස්වැනි කඩුල්ල සඳහා රිෂාබ් පාන්ට් සමගින් එක්ව තවත් ලකුණු 50 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.
ඕස්ට්‍රේලියා - පළමු ඉනිම 326
(මාකස් හැරිස් 70, ඒරන් ෆින්ච් 50, ෂෝන් මාෂ් 45, ට්‍රැවිස් හෙඩ් 58, ටිම් පේන් 38, පැට් කමින්ස් 19, ඉෂාන්ත් ෂර්මා 41/4, ජස්ප්‍රීට් බුම්රා 53/2, උමේෂ් යාදව් 78/2, හනුමා විහාරි 53/2)
ඉන්දියාව - පළමු ඉනිම 283
(චෙටේස්වාර් පුජාරා 24, විරාට් කෝලි 123, අජින්ක්‍යා රහනේ 51, හනුමා විහාරී 20, රිෂාබ් පාන්ට් 36, නේතන් ලයන් 67/5, ජොෂ් හේසල්වුඞ් 66/2, මිචෙල් ස්ටාක් 79/2)
ඕස්ට්‍රේලියා - දෙවැනි ඉනිම කඩුලු 4 ක් දැවී 132
(මාකස් හැරිස් 20, ඒරන් ෆින්ච් 25, අස්මාන් කවාජා නොදැවී 41, මොහොමඞ් ශාමී 23/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.