Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හදිසියේම අළු ගසා දමා නැගී සිටි ඕස්ට්‍රේලියානුවන්ගේ අනපේක්‍ෂිත ප්‍රහාරය හමුවේ යටත් වූ ඉන්දියානුවෝ පර්ත්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 146 ක පරාජයකට මුහුණ දුන්හ. ඕස්ට්‍රේලියානුවන් ලබාගත් මෙම ජයත් සමගින් තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙසින් සමකර ගැනීමට සත්කාරක කණ්ඩායම සමත්ව සිටී.
ලකුණු 287 ක ඉලක්කයක් කරා යමින් සිටි ඉන්දීය පිලේ දෙවැනි ඉනිම ලකුණු 140 කට සීමා කිරීමට නේදන් ලයන් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වූහ. ලකුණු 112 කට කඩුලු 5 ක් අහිමිව තිබියදී අද පෙරවරුවේදී ක්‍රීඩාව ආරම්භ කළ ඉන්දීය කණ්ඩායමේ අවසන් කඩුලු 5 ම ලකුණු 28 ක් තුළදී බිඳ වැටිණ. ඒ වෙනුවෙන් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට අවශ්‍ය වූයේ විනාඩි 65 ක් පමණි.
ඕස්ට්‍රේලියානුවන් මාස 9 කට පසුව ලද පළමු ටෙස්ට් ජයග්‍රහණය මෙයයි. මෙම ජයග්‍රහණය අත්කරගැනීමේදී මිචෙල් ස්ටාක් (46/3), නේදන් ලයන් (39/3), ජොස් හේසල්වුඞ් (24/2) සහ පැට් කමින්ස් (25/2) ඒකාබද්ධ දායකත්වයක් දැක්වූහ.
තරගයේ පස්වැනි සහ අවසන් දිනය වූ අද ඉනිම ආරම්භ කළ හනුමන් විහාරි සහ රිෂාබ් පන්ට් තමන්ගේ සම්බන්ධතාව දිගටම ගෙන ගියත් එය කළ හැකිවූයේ ඕවර 6 ක් පමණි. හයවැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 21 ක් පමණක් වූ අතර කණ්ඩායම ගොඩගැනීමට එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවීය.
පොයින්ට්’හි සිටි මිචෙල් ස්ටාක්ට උඩපන්දුවක් දීමෙන් විහාරි දැවී ගිය අතර තරමත් මුරණ්ඩු පහර කිහිපයක් ගැසීමට උත්සාහ කළ රිෂාබ් පන්ට් ලකුණු 30 කට දැවී ගියේය. පන්ට්ගේ දැවී යාමත් ඉන්දීය පරාජයත් අතර පරතරය කඩුලු 3 ක් සහ පන්දු 14 කි.
ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තුන්වැනි ටෙස්ට් තරගය මේ මස 26 වැනිදා මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 326
ඉන්දියාව - පළමු ඉනිම 283
ඕස්ට්‍රේලියාව - දෙවැනි ඉනිම 243
ඉන්දියාව - දෙවැනි ඉනිම 140
(මුරලි විජේ 20, විරාට් කෝලි 17, අජින්ක්‍යා රහනේ 30, හනුමන් විහාරි 28, මිචෙල් ස්ටාක් 46/3, නේදන් ලයන් 39/3, ජොස් හේසල්වුඞ් 24/2, සහ පැට් කමින්ස් 25/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.