Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඕස්ට්‍රේලියානුවෝ 2-0 කින් ඉන්දියාව පරදවති

ඕස්ට්‍රේලියානුවෝ 2-0 කින් ඉන්දියාව පරදවති

Nisanka Sandeepani - 2019 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ග්ලේන් මැක්ස්වෙල්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය නිසා ඉන්දියාවට එරෙහිව බෙන්ගලූරුහි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී ඊයේ (27 වැනිදා) පැවැති දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් ලැබූ ඕස්ට්‍රේලියාව , දෙරට අතර පැවැති තරග 2 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමටද සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 191 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ කඩුලු 3 ක් පමණක් දැවී පන්දු 2 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසු කර ගියහ. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ මැක්ස්වෙල් පන්දු 55 කදී හයේ පහර 9 ක් සහ හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 113 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

ඩි’ආසි ෂෝට් (40) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී ලකුණු 73 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මැක්ස්වෙල්, ඉන් නොනැවතී පීටර් හෑන්ඞ්ස්කොම්බ් (නොදැවී 20) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 51 කදී ලකුණු 99 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඕස්ට්‍රේලියානු  කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 190 ක් රැස්කළ අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ නායක විරාට් කෝලි පන්දු 38 කින් නොදැවී ලකුණු 72 ක් රැස්කළේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. 

මහේන්ද්‍ර සිං දෝනි (40) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 48 කදී ලකුණු 100 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද කෝලි සමත් විය. පන්දු 23 කට මුහුණදුන් දෝනි හයේ පහර 3 කින් සහ හතරේ පහර 3 කින් සිය ඉනිම සැරසුවේය. 

ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී ලකුණු 61 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ආරම්භක පිතිකරවන් වූ ලෝකේෂ් රාහුල් (47) සහ ශිකර් ධවාන් (14) සමත් වූහ. පන්දු 26 කදී වාර්තා වූ රාහුල්ගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර ධවාන්ගේ ඉනිම හතරේ පහරකින් සමන්විත විය. 

ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 4 කට 190 
(ලෝකේෂ් රාහුල් 47, ශිකර් ධවාන් 14, විරාට් කෝලි නොදැවී 72, මහේන්ද්‍ර සිං දෝනි 40) 

ඕස්ට්‍රේලියාව - ඕවර 19.4 කදී කඩුලු 3 කට 194 
(ඩි’ආසි ෂෝට් 40, ග්ලේන් මැක්ස්වෙල් නොදැවී 113, පීටර් හෑන්ඞ්ස්කොම්බ් නොදැවී 20, විජේ ශංකර් 38/2) 

-036


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවෝ 2-0 කින් ඉන්දියාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.