Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවට එරෙහිව රාංචි ක්‍රීඩාංගණයේදී අද (8 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 32 ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව සමත් විය. කෙසේ වුවත් දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස තවමත් පෙරමුණ ගෙන සිටින්නේ ඉන්දීය කණ්ඩායමයි.
ජයග්‍රහණය සඳහා ලකුණු 314 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට ඕවර 48.2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 281 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ පැට් කමින්ස් සහ ජේ රිචඞ්සන් කඩුලු 3 බැගින් දවාගනිමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ.
ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නායක විරාට් කෝලි පන්දු 95 කදී හයේ පහරක් සහ හතරේ පහර 16 ක් සමග ලකුණු 123 ක් රැස්කළද ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. මෙම තරගයේදී ලබාගත් ශතකය කෝලිගේ 41 ක් වැනි එක්දින ශතකය ලෙස වාර්තා අතරට එක්විය.
මහේන්ද්‍ර සිං දෝනි (26) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 77 කදී ලකුණු 59 ක සම්බන්ධතාවක් ගොඩනැගූ කෝලි, ඉන් නොනැවතී කේදර් ජාදව් (26) සමග පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 88 ක්ද, විජේ ශංකර් සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 45 ක්ද එක් කළේය.
මැද පෙළ පිතිකරුවන් වූ දෝනි හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින්ද, ජාදව් හතරේ පහර 3 ක් සමගින්ද, ශංකර් හතරේ පහර 4 ක් සමගින්ද ලකුණු රැස්කළහ. කෙසේ වුවත් මුල් පෙළ පිතිකරුවන්ගේ සහ පසු පෙළ පිතිකරුවන්ගේ සහායක් නොලැබීම නිසා කෝලිට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ්‍රලියානු කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 313 ක් රැස්කළ අතර, පන්දු 113 කට මුහුණදුන් ආරම්භක පිතිකරු උස්මාන් කවාජා (104) හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමගින් සිය මංගල එක්දින ශතකය ලබාගත්තේය.
නායක ඒරන් ෆින්ච් (93) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 191 කදී ලකුණු 193 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද කවාජා සමත් විය. පන්දු 99 කදී වාර්තා වූ ෆින්ගේ අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 10 කින් සමන්විත විය.
ෆින්ගේ දැවී යෑමෙන් අනතුරුව ග්ලේන් මැක්ස්වෙල් (47) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 46 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද කවාජා සමත් විය. පන්දු 31 කට ක්‍රීඩා කළ මැක්ස්වෙල් හයේ පහර 3 කින් සහ හතරේ පහර 3 කින් සිය ඉනිම සැරසීය.
ඕස්ට්‍රේලියාව - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 313
(ඒරන් ෆින්ච් 93, උස්මන් කවාජා 104, ග්ලේන් මැක්ස්වෙල් 47, මාකස් ස්ටොයිනිස් නොදැවී 31, කුල්දීප් යාදව් 64/3)
ඉන්දියාව - ඕවර 48.2 කදී සියලු දෙනා දැවී 281
(විරාට් කෝලි 123, මහේන්ද්‍ර සිං දෝනි 26, කේදර් ජාදව් 26, විජේ ශංකර් 32, රවින්ද්‍ර ජදේජා 24 පැට් කමින්ස් 37/3, ජේ රිචඞ්සන් 37/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.