Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඕස්ට්‍රේලියාව 3-2 ක් ලෙස ඉන්දියාව පරදවයි

ඕස්ට්‍රේලියාව 3-2 ක් ලෙස ඉන්දියාව පරදවයි

Nisanka Sandeepani - 2019 මාර් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවට එරෙහිව දිල්ලිහි ෆෙරොස් ෂා කෝට්ලා ක්‍රීඩාංගණයේදී ඊයේ (13 වැනිදා) පැවැති පස්වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 35 ක ජයක් ලැබූ ඕස්ට්‍රේලියාව, දෙරට අතර පැවැති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 3-2 ක් ජයගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 272 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට ඕවර 50 අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 237 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ඇඩම් සම්පා ලකුණු 46 කට කඩුලු 3 ක් දවාගත් අතර මාකස් ස්ටොයිනිස්, පැට් කමින්ස් සහ ජේ රිචඞ්සන් කඩුලු 2 බැගින් බිඳහෙළමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ.

මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 132 ක්ව තිබියදී ඉන්දීය ඉනිමේ 6 වැනි කඩුල්ලත් බිඳවැටුණ අතර එතැන් පටන් 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 103 කදී ලකුණු 91 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට කේදර් ජාදව් (44) සහ බුවනේෂ්වර් කුමාර් (46) සමත් වූහ. එසේ වුවත් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ඔවුන්ට නොහැකි වූහ.

පන්දු 57 කදී වාර්තා වූ ජාදව්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 54 කදී වාර්තා වූ බුවනේෂ්වර්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් අන්තර්ගත විය. ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා 89 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 56 ක් රැස්කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 272 ක් රැස්කළ අතර එහිදී පන්දු 106 කට මුහුණදුන් ආරම්භක පිතිකරු උස්මාන් කවාජා (100) හයේ පහර 2 ක් සහ හතරේ පහර 10 ක් සමගින් සිය දෙවැනි එක්දින ශතකය ලබා ගත්තේය.

නායක ඒරන් ෆින්ච් (27) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 87 කදී ලකුණු 76 ක සම්බන්ධතාවක් ගොඩනැගූ කවාජා, ඉන් නොනැවතී පීටර් හෑන්ඞ්ස්කෝම්බ් (52) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 111 කදී ලකුණු 99 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඕස්ටේ්‍රලියානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

පන්දු 60 කට මුහුණදුන් හෑන්ඞ්ස්කෝම්බ් හතරේ පහර 4 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 43 කදී වාර්තා වූ ෆින්ච්ගේ ඉනිම හතරේ පහර 4 කින් සමන්විත විය. ජේ රිචඞ්සන් පන්දු 21 කදී ලකුණු 29 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි.

ඕස්ට්‍රේලියාව - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 272

(උස්මන් කවාජා 100, ඒරන් ෆින්ච් 27, පීටර් හෑන්ඞ්ස්කෝම්බ් 52, මාකස් ස්ටොයිනිස් 20, ඇස්ටන් ටර්නර් 20, ජේ රිචඞ්සන් 29, පැට් කමින්ස් 15, බුවනේෂ්වර් කුමාර් 48/3, මොහොමඞ් සාමි 57/2, රවින්ද්‍ර ජදේජා 45/2)

ඉන්දියාව - ඕවර 50 කදී සියලු දෙනා දැවී 237

(රෝහිත් ශර්මා 56, විරාට් කෝලි 20, රිෂාබ් පාන්ට් 16, විජේ ශංකර් 16, කේදර් ජාදව් 44, බුවනේෂ්වර් කුමාර් 46, ඇඩම් සම්පා 46/3, මාකස් ස්ටොයිනිස් 31/2, පැට් කමින්ස් 38/3, ජේ රිචඞ්සන් 47/2)

 

-036


අදහස් (0)

ඕස්ට්‍රේලියාව 3-2 ක් ලෙස ඉන්දියාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.