Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානයට එරෙහිව ඩුබායිහිදී ඊයේ (31 වැනිදා) පැවැති පස්වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 20 ක පහසු ජයක් ලැබූ ඕස්ට්‍රේලියාව, දෙරට අතර පැවැති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 5-0 ක් ලෙස ජයගැනීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 328 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායමට ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 307 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජේසන් බෙරන්ඩොෆ් ලකුණු 63 කට කඩුලු 3 ක් බිඳහෙළමින් පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළේය.
පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ හාරිස් සොහේල් පන්දු 129 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 11 ක් සමග ලකුණු 130 ක් ලබාගත් නමුත් ඔහුට පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.
ශාන් මක්සූද් (50) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 110 කදී ලකුණු 108 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සොහේල්, ඉන් නොනැවතී උමාර් අක්මාල් (43) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 97 කදී ලකුණු 102 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් පාකිස්තාන ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.
පන්දු 54 කදී වාර්තා වූ ශාක් මක්සූද්ගේ අර්ධ ශතකයට හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර පන්දු 44 කදී වාර්තා වූ අක්මාල්ගේ ඉනිමට හතරේ පහර 3 ක් අන්තර්ගත විය. ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ ඉමාඞ් වසීම් පන්දු 34 කදී නොදැවී ලකුණු 50 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඕසටේ්‍රලියානු කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 327 ක් ලබාගත් අතර එහිදී පන්දු 111 කට මුහුණදුන් උස්මාන් කවාජා, හතරේ පහර 10 ක් සමග ලකුණු 98 ක් රැස්කළේය. ශතකය පෙනි පෙනී සිටියදී උස්මාන් ෂින්වරිගේ පන්දුවක් හමුවේ යසර් ෂා අතට උඩපන්දුවක් දෙමින් කවාජා දැවී ගියේය.
නායක ඒරන් ෆින්ච් (53) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 140 කදී ලකුණු 134 ක සම්බන්ධතාවක් ගොඩනැගූ, කවාජා ඉන් නොනැවතී ෂෝන් මාෂ් (61) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 97 කදී ලකුණු 80 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඕස්ට්‍රේලියානු ඉනිම ගොඩනැගුවේය.
පන්දු 69 කට මුහුණදුන් ෆින්ච් හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 68 කදී වාර්තා වූ මාෂ්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 33 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 70 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය.
පාකිස්තාන කණ්ඩායමේ සාර්ථක පන්දු යවන්නා බවට පත් වූ උස්මාන් ෂින්වරි සිය ඕවර 10 ලකුණු 49 කට සීමා කරමින් කඩුලු 4 ක් බිඳහෙළීමටද සමත් විය.
ඕස්ට්‍රේලියාව - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 327
(උස්මාන් කවාජා 98, ඒරන් ෆින්ච් 53, ෂෝන් මාෂ් 61, ග්ලේන් මැක්ස්වෙල් 70, උස්මාන් ෂින්වරි 49/4)
පාකිස්තානය - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 307
(ෂාන් මක්සූද් 50, හාරිස් සොහේල් 130, උමාර් අක්මාල් 43, ඉමාඞ් වසීම් නොදැවී 50, ජේසන් බැරන්ඩෝෆ් 63/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.