Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඕස්ටේ‍්‍රලියා පිලෙන් සාර්ථක ආරම්භයක්

ඕස්ටේ‍්‍රලියා පිලෙන් සාර්ථක ආරම්භයක්

දිලිනි මල්රුක්ෂි - 2014 ඔක් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ටේ‍්‍රලියාව සහ පාකිස්තානය අතර ඩුබායි අන්තර් ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (23 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි  ඕස්ටේ‍්‍රලියා පිල කිසිවකු නොදැවී ලකුණු 113 ක් ලබා සිටියේය.

දිනය නිමාවන විට නායක ඬේවිඞ් වෝනර් ලකුණු 75 ක් සහ කි‍්‍රස් රොජර්ස් ලකුණු 31 බැගින් ලබා නොදැවී කඩුල්ලේ රැදීසිටියහ.

පාකිස්තාන පිල සිය පළමු ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලකුණු 454 ක් ලබාගත් අතර පාකිස්තාන පිලේ කඩුලූ රකින කී‍්‍රඩක සෆ්රාස් අහමඞ් ඊයේ දිනයේදී සිය දෙවැනි ටෙස්ට් ශතකය (109) රැස්කිරීමට සමත්විය.

පන්දු 105 කදී වාර්තා වූ සෆ්රාස්ගේ ශතකයට හතරේ පහර 14 ක් ඇතුළත් විය.

අසාද් ශෆීක් (89) සමග එක්ව පාකිස්තාන පිලේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 124 ක සම්බන්ධතාවක් ගොඩ නැගීමටද සෆ්රාස් සමත්විය.  

දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 69 ක් ලබා සිටි නායක මිස්බා උල් හක් දවාගත් ස්ටීවන් ස්මිත්, පාකිස්තාන පිලේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 93 කට සීමා කළේය.

ස්්ටීව්  ඕ‘කේෆ් සහ නාතන් ලයන් කඩුලූ 2 බැගින් දවාගැනීමට සමත්වූහ.

පාකිස්තාන පළමු ඉනිම - සියලූ දෙනා දැවී 454
(අසාර් අලී 53, යුනිස් ඛාන් 106, මිස්බා උල් හක් 69, අසාද් ශෆීක් 89, සෆ්රාස් අහමඞ් 109, මිචෙල් ජොන්සන් 39/3, ස්්ටීව්  ඕ‘කේෆ් 107/2, නාතන් ලයන් 148/2)

ඕස්ටේ‍්‍රලියා පළමු ඉනිම - කිසිවකු නොදැවී 113
(ඬේවිඞ් වෝනර් 75, කි‍්‍රස් රොජර්ස් 31)

036


අදහස් (0)

ඕස්ටේ‍්‍රලියා පිලෙන් සාර්ථක ආරම්භයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.