Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ඕස්ටේ‍්‍රලියානු පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ ජැමෙයිකාහිදී ඊයේ (14) අවසන් වූ තරගයෙන් ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයෝ ලකුණු 277 කින් ජය ලැබීමට සමත් වූහ. මෙම ජයග‍්‍රහණයත් සමඟ ඕස්ටේ‍්‍රලියාව 2-0 කින් තරගාවලියේ ද ජය ලැබීය.
ජයග‍්‍රහණය සදහා ලකුණු 392 ක ඉලක්කය වෙනුවෙන් දෙවැනි ඉනිමේ පන්දුවට පහර දුන් කොදෙව් පිල ලකුණු 114 කට සීමා විය.
ඕස්ටේ‍්‍රයානු පළමු ඉනිමේදී ලකුණු 199 ක් රැස්කළ ස්ටීව් ස්මිත් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. වේග පන්දු යවන ජෝෂ් හස්ලිවුඞ් තරගාවලියේ වීරයා සම්මාන හිමිකර ගත්තේය.
ඕස්ටේ‍්‍රලියානු පිල පළමු ඉනිම ඕවර 126.5 කදී සියලූ දෙනා දැවී 399
(ස්ටීව් ස්මිත් 199, මයිකල් ක්ලාක් 47, ඇඩම් වෝග්ස් 37, ෂේන් වොට්සන් 25, බ‍්‍රැඞ් හැඩින් 22, ජෝෂ් හස්ලිවුඞ් 24, ජෙරමි ටේලර් 47/6, ජේසන් හෝල්ඩර් 64/2)
බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම ඕවර 59.5 කදී සියලූ දෙනා දැවී 220
(ශායි හොපි 26, ජර්මේන් බ්ලැක්වුඞ් 51, ජේසන් හෝල්ඩර් නොදැවී 82, ජෝෂ් හස්ලිවුඞ් 38/5, නේතන් ලියෝන් 55/3)
ඕස්ටේ‍්‍රලියානු පිල දෙවැනි ඉනිම ඕවර 65 කදී කඩුලූ 2 ට 212
(ෂෝන් මාෂ් 69, ඬේවිඞ් වෝනර් 62, ස්ටීව් ස්මිත් නොදැවී 54, මයිකල් ක්ලාක් නොදැවී 14)
කොදෙව් පිල දෙවැනි ඉනිම ඕවර 42 කදී සියලූ දෙනා දැවී 114
(ශායි හොපි 16, දිනේෂ් රැම්ඩින් 29, වීරසාමී පෙමයුල් නොදැවී 23, මිචෙල් ස්ටාක් 34/3, ජෝෂ් හස්ලිවුඞ් 18/2, නේතන් ලියොන් 12/2, මිචෙල් ජොන්සන් 23/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.