Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කරුණාරත්නගේ පන්දු යැවීමේ ඉරියව්ව නිදොස්

කරුණාරත්නගේ පන්දු යැවීමේ ඉරියව්ව නිදොස්

Nisanka Sandeepani - 2018 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තුන්ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවරදිබව අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පවත්වනු ලැබූ පළාත් ක්‍රිකට් තරගාවලිය අතරවාරයේ චාමික කරුණාරත්නගේ පන්දු යැවීමේ ඉරියව්ව වැරදි බවට වාර්ථාවක් නිකුත් කිරීම නිසා ඔහුට මෙම පරීක්ෂණයට පෙනී සිටීමට සිදුවිය. 

තවමත් 22 වැනි වියේ පසුවන කරුණාරත්න ගාල්ල සහ මහනුවර කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවති තරගයේදී තරග තහනමට ලක්විය. 

තරගයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ දීපාල් ගුණවර්ධන සහ ගාමිණි සමරසිංහ යන මහත්වරු චාමිකගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිතබව පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත වාර්ථාවක් ඉදිරිපත්කර තිබුණි. 

මැයි මස 16 වැනිදා චෙන්නාහී රාමචන්ද්‍ර විශ්ව විද්‍යාලයේ පැවති පරීක්ෂණයටද සහභාගී වෙමින් චාමික කරුණාරත්න තමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවරදිබව තහවුරුකර ගත්තේය. ඔහුගේ මෙම පරීක්ෂණය සාර්ථක කර ගැනීම සඳහා මහනුවර කණ්ඩායමේ පන්දුයැවීමේ පුහුණුකරු ලෙෂ කටයුතු කළ චමිල ගමගේ මහතාද ඔහු සමඟ චෙන්නායි පරීක්ෂණයට එක්විය. 

රාජකීයවිද්‍යාලයේආදිශිෂ්‍යයෙකු වනකරුණාරත්නමීටපෙරවයස 19 න් පහළක්‍රිකට්කණ්ඩායමේනායකයාලෙසඳකටයුතු කළේය. 

024 

 


අදහස් (0)

කරුණාරත්නගේ පන්දු යැවීමේ ඉරියව්ව නිදොස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.