Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කලවේ අබාධය මධුෂංකට හරස් වෙයි

කලවේ අබාධය මධුෂංකට හරස් වෙයි

ශනුක අරවින්ද - 2018 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කලවේ අබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවක වේග පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුෂංකට මාර්තු මාසයේදී පැවැත්වෙන ‘නිදහස් කුසලාන’ තුන්කොන් විස්සයි20 තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමි වීමට වැඩි ඉඩක් පවතින බව වාර්තා වේ.

බංග්ලාදේශයට එරෙහිව එරටදී පැවැති දෙවැනි විස්සයි20 තරගයේ පන්දු යවමින් සිටියදී මධුෂංක එම ආබාධයට ලක්වූ අතර එම අවස්ථාවේදී පන්දු යැවීම නවත්වා ඔහු ආපසු ක්‍රීඩාගාරය වෙත රැගෙන යෑමට කණ්ඩායමේ භෞතචිකිත්සක වරයා සහ ඔහුගේ සහායකයෝ කටයුතු කළහ.  

මේ දිනවල මධුෂංක සිය අබාධ තත්ත්වය සඳහා ප්‍රතිකාර ලබාගනිමින් සිටින අතර හෙට (21 වැනිදා) දිනයේදී ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂා කිරීම සඳහා ඔහු එම්.ආර්.අයි. පරික්ෂාවකට ලක් කිරීමටද නියමිතය.  

තවමත් 22 වැනි වියේ පසුවන මධුෂංක මේ වන විට එක්දින තරගයකට සහ විස්සයි20 තරග 2 කට ක්‍රීඩා කර ඇති අතර එහිදී පිළිවෙලින් කඩුලු 3 ක් සහ 2 ක් බැගින් දවාගැනීමට සමත්ව සිටියි.

ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ බංග්ලාදේශය අතර බංග්ලාදේශයේදී පැවැති තුන්කොන් එක්දින තරගාවලියේ අවසන් මහ තරගය මධුෂංකගේ මංගල එක්දින තරගය වූ අතර එහිදී කඩුලු ත්‍රිත්වයක් ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට ඔහු සමත් විය.

බංග්ලාදේශයට එරෙහිව පැවැති පළමු විස්සයි20 තරගයේදී කඩුලු දවාගැනීමට නොහැකි වුවද, දෙවැනි තරගයේදී ලකුණු 23 කට කඩුලු 2 ක් දවාගනිමින් ඔහු දක්ෂ පන්දු යැවීමක නිතර විය.

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන ‘නිදහස් කුසලාන’ විස්සයි20 ක්‍රිකට් තරගාවලිය මාර්තු මස 6 වැනිදා ආරම්භ වන අතර 18 වැනිදා අවසන් වේ.

 


අදහස් (0)

කලවේ අබාධය මධුෂංකට හරස් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.