Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්ත පිල ලකුණු 136 කට දවාලමින් පන්දු යවන්නන් ගෙන දුන් වාසියෙන් උපරිම ප‍්‍රයෝජන ගත් මයිකල් ක්ලාක් (113) සහ ඬේවිඩ වෝනර් (124) දෙදෙනා ලබාගත් ශතක නිසා බි‍්‍රස්බේන්හිදී පැවැත්වෙන පළමු ‘අළු බඳුන’ ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (23 වැනිදා) එංගලන්තය හමුවේ ලකුණු 560 ක වාසියක් ලබාගැනීමට ඕස්ටේ‍්‍රලියානු පිල සමත් විය.
තුන්වැනි දිනයේ නිමාවට හෝරාවකට කලින් ඉනිම අවසන් කළ ඕස්ටේ‍්‍රලියානුවෝ මයිකල් කාබෙරි සහ ජොනතන් ට්‍රොට් දවාගනිමින් තරගය නිමා වීමට දින දෙකක් තිබියදීම එංගලන්තය අමාරුවේ දැමූහ.
ටෙස්ට් තරගයකදී ජයග‍්‍රහණය සඳහා කණ්ඩායමක් කිසිදා සාර්ථකව හඹා නොගිය ඉලක්කයක් වන ලකුණු 561 ක ඉලක්කයක් කරා යන එංගලන්ත පිලට මෙම තරගයෙන් ජයගැනීමට නම් තවත් ලකුණු 537 ක් ලබාගත යුතු වන අතර ඒ සඳහා ඔවුන් සතුව ඇත්තේ කඩුලූ 8 ක් පමණි. එහෙත් එංගලන්ත පිලේ කඩුලූ 8 ක් දවාගැනීමට ඕස්ටේ‍්‍රලියානුවන්ට දින දෙකක්ම තිබේ.
ලකුණු 159 ක මුල් ඉනිමේ වාසියෙන් පසුව දෙවැනි ඉනිම ඇරඹූ ඕස්ටේ‍්‍රලියානු පිලේ තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 158 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ වෝනර් සහ ක්ලාක් දෙදෙනා එකිනෙකාගෙන් වෙන් වන විටත් ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 392 ක් ඉදිරියෙන් විය.
පන්දු 154 කින් ලකුණු 124 ක් ලබාගත් වෝනර්ගේ සිවුවැනි ටෙස්ට් ශතකය මෙය වන අතර මයිකල් ක්ලාක්ගේ 25 වැනි ටෙස්ට් ශතකය ගලා ආවේ පන්දු 130 කිනි. එය අළු බඳුන තරගාවලියේදී මයිකල් ක්ලාක් ලබාගත් 6 වැනි ශතකයද වෙයි.
තමාගේ 50 වැනි ටෙස්ට් තරගයට කී‍්‍රඩා කරන බ‍්‍රැඞ් හැඩින් පළමු ඉනිමේදීත් ඕස්ටේ‍්‍රලියානු පිලේ ගැලවුම්කරුවා වෙමින් ලකුණු 94 ක් ලබාගත් අතර දෙවැනි ඉනිමේදීත් පන්දු 54 කින් ලකුණු 53 ක් ලබාගත්තේය. දෙවැනි ඉනිමේදීත් එක්වූ බ‍්‍රැඞ් හැඩින් සහ මයිකල් ජොන්සන් 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 90 ක සමබන්ධතාවක් එක් කිරීමත් සමගම එංගලන්තයේ ඉලක්කය ලකුණු 550 ඉක්ම ගියේය.
ඕස්ටේ‍්‍රලියාව - පළමු ඉනිම 295
එංගලන්තය - පළමු ඉනිම 136
ඕස්ටේ‍්‍රලියාව - දෙවැනි ඉනිම කඩුලූ 7 ක් දැවී 401
(කි‍්‍රස් රොජර්ස් 16, ඬේවිඞ් වෝනර් 124, මයිකල් ක්ලාක් 113, ජෝර්ජ් බේලි 34, බ‍්‍රැඞ් හැඩින් 53, මයිකල් ජොන්සන් නොදැවී 39, කි‍්‍රස් බ්‍රෝඞ් 55/2, ටිම් ටේරම්ලට් 69/3, ගේ‍්‍රඒම් ස්වෝන් 135/2,
එංගලන්තය -දෙවැනි ඉනිම කඩුලූ 2 ක් දැවී 24
(ඇලිස්ටෙයාර් කුක් නොදැවී 11, රයාන් හැරිස් 07/1, මයිකල් ජොන්සන් 07/1)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.