Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ක්‍රීඩා අමාත්‍යංශය වගකීම බාරගනී

ක්‍රීඩා අමාත්‍යංශය වගකීම බාරගනී

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ක්‍රීඩා අමාත්‍යංශය අන්තර්ජාතික ක්‍රිකට් සභාව සමඟ සුහදශීලී සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය කල්දැමීම පිළිබඳ වගකීම ක්‍රීඩා අමාත්‍යංශය බාරගන්නා බවත් ක්‍රීඩා අමාතංශයේ ලේකම් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරී චූලානන්ද පෙරේරා මහතා අද (18) පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය කල්දැමීමට හේතු වූ කරුණු පැහැදි කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ලේකම්වරයා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

චූලානන්ද පෙරේරා මහතා

“අනිවාර්යෙන්ම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ක්‍රීඩා අමාත්‍යංශය හැටියට ඒ වගකීම අපි බාරගන්නවා. අපි අන්තර්ජාතික ක්‍රිකට් සභාවට නිලවරණය කල්දැමූ බව දැනුම් දුන්නා. ඔවුන්ට ඒ ලිපිය ලැබුණු බව අපිට දන්වලා තියෙනවා”

“අන්තර්ජාතික ක්‍රිකට් සභාව සහ අපි අතර හොඳ සම්බන්ධතාවක් තියෙනවා. ඔවුන් කිසියම් තීරණයක් ගන්නවා කියලා අපිට දැනුම් දීලා නෑ. අපිට සුහදශීලි ප්‍රතිචාරයක් දක්වලා තියෙන්නේ”

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මෙසේ පැවසීය.
“අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිලවරණ පවත්වන්න දින දෙන්නනේ නෑ. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මීළඟ රැස්වීම පැවැත්වෙන්නේ පෙබරවාරි 28 වැනිදායි. ඒ නිසා තමයි අපිට පෙබරවාරි 9 වැනිදාට පෙර පවත්වන ලෙස දිනයක් දුන්නේ”

“අපි අයි.සී.සී. එකට දැනුම් දුන්නා දින 14 ක් කල්දැම්මා කියලා. ඒ කියන්නේ පෙබරවාරි 21 වැනිදා. එහි රැස්වීමට පෙර අපිට නිලවරණයෙන් පත්වන කමිටුව යොමු කරන්න පුළුවන්” යැයි ද ඈෂ්ලි ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.

නිලවරණය කල්දැමීමට හේතු වූ කරුණ ලේකම්වරයා මෙසේ පැහැදිළි කළේය.

“අපේ උත්සාහය හැකි උපරිමයෙන් සාධාරණ සහ අපක්‍ෂපාති නිලවරණයක් නිලවරණයක් ලබා දෙන්නයි. ඒ වගේම ස්වාධීන නිලවරණයක් පවත්වන්න තමයි අපි සූදානම් වෙලා ඉන්න්නේ”
“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පෙබරවාරි 7 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණා. නමුත් ක්‍රීඩා රෙගුලාසිවල පරස්පරයක් තිබුණා. ඒ නිසා අපි නීතිපතිවරයාගේ උපදෙස් අනුව සති දෙකකින් පමණක් කල්දැම්මා”

“මෙහිදී අපි නිෂ්චිත දිනයක් දීලා තියෙනවා. නිලවරණය පෙබරිවාරි මස 21 වැනිදා පවත්වනවා”
“ක්‍රීඩා පනතට අනුව කාලෙන් කාළෙට රෙගුලාසි ඉදිරිපත් කරනවා. 2018 වසරේ සැප්තැම්බර් 22 වැනිදා 2089/56 දරණ විශේෂ රෙගුලාසිවල සිංහල සහ ඉංග්‍රීසි සටහන්වල විශාල පරස්පර විරෝධී බවක් තිබුණා”
“එහි 3.ඇ.8.2 වගන්තියේ අභියාචනා කමිටු පත්කිරීම පිළිබඳව සඳහන්ව තිබෙනවා. එහි සිංහල භාෂාවෙන් විනිසුරුවන් ලෙසත්, ඉංග්‍රීසි භාෂාවෙන් විශ්‍රාමික විනිසුරුවන් ලෙස පරිවර්ථන දෝෂයක් තිබුණා. දැන් අපි එය නිවැරදි කර තිබෙනවා”

“අපි එහිදී නීතිපතිවරයාගෙන් උපදෙස් පැතුවා. නීතිපතිවරයාගේ උපදෙස වුණේ එම පරස්පරතාව නිවැරදි කිරීමෙන් පසුව ක්‍රිකට් නිලවරණය පවත්වන ලෙසයි”

“ඒ අනුව බලන විට අභියාචනා ඉදිරිපත් කිරීමට කාලය අවශ්‍ය වුණා. ඒ හේතුවෙන් අපි සියලුම පාර්ශව දැනුවත් කර නිලවරණය දින 14 ක් කල්දැම්මා. මේ පරස්පරතාව තියාගෙන ගිහින් කවුරු හරි අධිකරණයට ගියොත් වසර දෙකක් විතර හෝ ප්‍රමාද වෙන්න පුළුවන්” යැයි දලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.

මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ක්‍රීඩා සභාවේ උපදේශක නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා ද සහභාගි විය.

 


අදහස් (0)

ක්‍රීඩා අමාත්‍යංශය වගකීම බාරගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.