Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සහ අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ සභාපති ශාෂන්ක් මනෝහර් මහතා අතර හමුවක් අද (6 වැනිදා) පෙරවරුවේ ඩුබායි පිහිටි අන්තර් ජාතික ක්‍රිකට් මූලස්ථානයේදී පැවැත්විණ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ පරිපාලනමය වශයෙන් මෑත කාලයේදී සිදුවූ වෙනස්කම් සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් සභාව දැනුවත් කිරීම සඳහා පැවැති මෙම හමුවේදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන්ද දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්වී තිබේ.
ක්‍රිකට් නිලවරණයට සම්බන්ධ නඩුවක් අධිකරණයේ විභාග කෙරෙන බැවින් නියමිතව තිබූ දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික මහ සභා රැස්වීම පැවැත්වීමට නොහැකි වූ බවත්, එම නඩුව විභාග කර අවසන්වන තෙක් ක්‍රිකට් ආයතනයේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා තම ආමාත්‍යංශයේ ලේකම් කමල් පත්මසිරි මහතා නිසිබලධාරීයකු ලෙස පත්කළ බවත් එම හමුවේදී ආමාත්‍යවරයා පවසා ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශ නිවේදනයක සඳහන් වේ.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩ කටයුතු සාර්ථක අයුරින් ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ සභාපති ශාෂන්ක් මනෝහර් මහතා, ක්‍රීඩා අමාත්‍යවරයාට සුබ පැතුම් එක්කර ඇති බවයි.
මෙම හමුවට අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විධායක නිලධාරී ඬේව් රිචඞ්සන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරී කමල් පත්මසිරි සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරුද සහභාගී වූහ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.