Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නව අතුරු කමිටුවක් පත්කරන බව ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතා සිය පළමු පුවත් පත් සාකච්ඡාවේදීම පැවසූ නමුත් එය කියන තරම් පහසු නොවන බවක් පෙනෙන්නට තිබේ. ක්‍රීඩා ඇමතිවරයා විසින්ම නම් කරන ලද හිටපු ක්‍රිකට් ප්‍රවීණයන් පවසන්නේ පවතින ක්‍රිකට් අර්බුදයට පැලැස්තර ඇලවීමට තමන් සූදානම් නැති බවත් කිසියම් ස්ථාවර වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ක්‍රීඩා ඇමතිවරයා මෙන්ම ඔහුගේ රජයත් සූදානම් වන්නේ නම් පමණක් ඒ සඳහා ඉදිරිපත් වන බවයි.
“මේක එක රැයකින් කරන්න පුළුවන් දෙයක් නෙමේ. ගොඩක් දේවල් ගැන හිතලා බලන්න වෙනවා. අනෙක් කාරණය තමයි මේක එක පැත්තක් විතරක් බලලා කරන්න පුළුවන් දේකුත් නෙමේ. මේකට ටිකක් කාලය ඕනා” යයි රොෂාන් මහානාම මහතා ලංකාදීපයට අද (23 වැනිදා) පැවසීය.
“නිලවරණය කල්දානවද කියලා හරියටම කියන්න බෑ. අතුරු කමිටුවක් කොහොමත් එන්න ඉඩ තියෙනවා......ශ්‍රී ලංකාවම පිළිගන්න කෙනෙක් තමයි අතුරු කමිටුවේ පාලනයට ගේන්නේ. ඔහු අන්තර්ජාතික ක්‍රිකට් සභාවේත් (අයි.සී.සී.) පිළිගැනීම තියෙන කෙනෙක්” යයිද හරීන් ප්‍රනාන්දු මහතා පසුගිය සිකුරාදා (21 වැනිදා) පැවැති සිය මංගල පුවත්පත් සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයකු මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ හිටපු තරග තීරකයකුද වන රොෂාන් මහානාම මහතා ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙසින් පත්කරන්නේ යයි අලුතෙන් පත්වූ ක්‍රීඩා ඇමතිවරයා වන හරීන් ප්‍රනාන්දු මහතා පැවසූ බව සෙනසුරාදා ඬේලි මිරර් පුවත් පත වාර්තා කර තිබිණ.
“මම ලබන 26 හෝ 27 අන්තර්ජාතික ක්‍රිකට් සභාව මුණගැසෙන්න බලාපොරොත්තු වෙනවා. හිටපු අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතා නිලවරණය පැවැත්වීමට පෙබරවාරි 9 දක්වා කාලය ලබාගෙන තිබුණා. ක්‍රිකට් දූෂණයෙන් තොර තැනක් කරන්න තව ටික කාලයක් ලබාගන්න ඕනේ” යයිද ක්‍රීඩා ඇමතිවරයා සිය පුවත් පත් සාකච්ඡාවේදී වැඩි දුරටත් කීවේය. එසේ වුවත් ක්‍රීඩා ඇමතිවරයා එන්න කියන සැණින් පැමිණ තනතුරු බාරගැනීමට නමක් දිනා සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෝ පසුබට වෙති.
පසුගිය ජූනි මස 14 වැනිදා, එවකට සිටි ක්‍රීඩා ඇමතිවරයා වූ ෆයිසර් මුස්තාපා මහතා විසින් ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා දායක වන ලෙස කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන්, අරවින්ද ද සිල්වා සහ රොෂාන් මහානාම යන මහත්වරුන්ට ආරාධනා කරන ලදි. එහෙත් එම අවස්ථාවේදී ඔවුන් සියලු දෙනාම එක හඬින් කියා සිටියේ ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව වෙනස් කිරීමද ඇතුළත්ව කිසියම් ස්ථාවර සැලැස්මක් ඇතොත් මිස තමන් ඒ සඳහා ඉදිරිපත් නොවන බවයි.
“මේ පවතින ක්‍රමවේදය ගැන මගේ නම් විශ්වාසයක් නෑ. ඒ කිසා කිසිවකුට කාලය ගන්න ඕනෑ නම් කරුණාකර අපව ඒ වෙනුවෙන් භාවිතා කරන්න එපා” යයි මහේල ජයවර්ධන මහතා ජූනි 15 වැනිදා ඉන්දියාවේ සිට ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය. කුමාර් සංගක්කාර සහ මුත්තයියා මුරලිදරන් දෙදෙනාත් ලිඛිත ප්‍රකාශවලින් ක්‍රීඩා ඇමතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ.
එම අවස්ථාවේදී ක්‍රීඩා ඇමතිවරයා වෙත විශේෂ ලිපියක් යවමින් රොෂාන් මහානාම මහතා කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට උපදේශන කමිටුවක් පත්කිරීමට කලින් කළ යුතු ඉතාමත් වැදගත් කටයුතු කිහිපයක් තිබෙන බැවින් ඒ වෙනුවෙන් වහාම උනන්දු විය යුතු බවයි. ඒ සඳහා ස්ථිර වැඩපිළිවෙලක් සකස් කෙරෙන තෙක් තමන් පසෙකට වී සිටින නමුත් මෙම ප්‍රතිචාරය කිසිසේත්ම ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඉදිරිපත් නොවීමක් ලෙස අර්ථකතනය නොකළ යුතු බවත් මහානාම මහතා සිය ලිපියෙන් අවධාරණය කළේය.
රොෂාන් මහානාම මහතා ඊයේ වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව වෙනස් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවත් ඒ සමගම ක්‍රීඩා නීතියද සංශෝධනය වන්නේ නම් කිසියම් ඉදිරිගමනක් බලාපොරොත්තු විය හැකි බවයි.
“ක්‍රිකට් ව්‍යවස්ථාව වගේම ක්‍රීඩා නීතියත් එකම නීති උපදේශක මණ්ඩලයක් යටතේ සංශෝධනය වීම අවශ්‍යයි. නැතිනම් එක එක විදිහේ අර්ථ නිරූපන එන්න පුළුවන්” යයිද වසර 12 කට ආසන්න කාලයක් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරකවරයකු ලෙසින් කටයුතු කළ මහානාම මහතා පැවසීය.
ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසා තිබුණේ කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ අරවින්ද ද සිල්වාටත් තමන් ආරාධනා කරන බවයි.
ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අදහස කුමක්ද යන්න සලකා බැලිය යුතු බවත් ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් ක්‍රීඩා ඇමතිවරුන්ට ලැබෙන කාලසීමාව සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ක්‍රීඩා ඇමතිවරුන්ට තිබෙන අවස්ථාව සම්බන්ධයෙන් වඩාත් විමලිසිමත් විය යුතු බවද රොෂාන් මහානාම මහතා පැවසීය.
මාස කිහිපයකට ඉහතදී අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නියෝජිතයන් හමුවීමට ගිය හිටපු ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාපා මහතා ක්‍රිකට් නිලවරණය පැවැත්වීම සඳහා පෙබරවාරි මස 9 වැනිදා දක්වා කල් ඉල්ලා ගත්තේය. නිලවරණය සඳහා පෙබරවාරි මස 7 දින නියම කර ඇතත් නව ක්‍රීඩා ඇමතිවරයා කීවේ නිලවරණය තවත් කල්යනු ඇති බවයි.
ක්‍රිකට් අතුරු කමිටුවල කටයුතු කළ නමුත් තවමත් සිය නම රැකගෙන සිටින හිටපු නිලධාරියෙක් කියා සිටියේ මෙම වෙනස්කම් කිරීම සඳහා අඩුම වශයෙන් වසර දෙකකට වැඩි කාලයක් අවශ්‍ය බවයි. විශේෂයෙන්ම ඒ වෙනුවෙන් අදාළ වෙනස්කම් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු බවත්, පවතින දේශපාලන ව්‍යූහය තුළ එය ඉතාමත් අසීරු කාර්යයක් බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මේ අතර හිටපු අතුරු කමිටු සභාපතිවරයකු වන සිදත් වෙත්තමුණි මහතා තේරීම් කමිටු සභාපති තනතුරට පත්කරන බවත්, නව ක්‍රිකට් තේරීම් කමිටුවක් හැකි ඉක්මනින් නම් කරන බවත් ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පැවසූයේ යයිද වාර්තා විය. ඒ සම්බන්ධයෙන් කළ විමසීමේදී සිදත් වෙත්තමුණි මහතා පැවසූවේ “මම ක්‍රිකට් තේරීම් කරපු කාලය ඉවරයි” යනුවෙනි.
“තේරීම් කමිටුව නෙමෙයි, තවත් කරන්න ගොඩාක් දේවල් තියෙනවා. පළමුවෙන්ම කරන්න ඕනේ මේ තියෙන ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරන එකයි”යයි වෙත්තමුණි මහතා ලංකදීපට පැවසීය.
වසර තුනකට ඉහත, එක්සත් ජාතික පක්‍ෂ රජය බලයට පත්වූ අවස්ථාවේදී එවකට සිටි ක්‍රීඩා ඇමතිවරයා වූ නවීන් දිසානායක මහතා විසින් ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කරන ලදි. පසුව ඇතිවූ කැබිනට් සංශෝධනයකදී ක්‍රීඩා ඇමතිධූරය දයාසිරි ජයසේකර මහතාට ගිය අතර එතැන් සිට ක්‍රිකට් අතුරු කමිටුව පැවැතියේ මාස කිහිපයක් පමණි. අනතුරුව පැවැති නිලවරණයේදී තිලංග සුමතිපාල මහතා සභාපති ලෙසින් පත්විය.
2015 අතුරු කමිටුව සමයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන ලද අතර එය සකස් කරන ලද්දේ එවකට ක්‍රිකට් අතුරු කමිටුවේම සාමාජිකයකු වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා විසිනි. කෙටුම්පත් කරන ලද එම ව්‍යවස්ථාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ උසස්ම ධූර හෙබවූ අය අතට ඒ කාලයේදීම පත්කරන ලද නමුත් පසුව එය හමස් පෙට්ටියට ගියේය.
දැනට රටේ පවතින දේශපාලන අර්බුදවල දැවැන්ත සෙවණැලිද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හරහා වැටී තිබෙන බව රහසක් නොවේ. එබැවින් ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති තනතුර සඳහා රොෂාන් මහානාම මහතා වෙනුවට වෙනත් අයකු හෝ පත්කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් පවතී.
“2015 දී පසෙකට වීසි කෙරුණු ක්‍රිකට් ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරනවා” යන්න අතුරු කමිටුවට ලැබෙන පොරොන්දුව විය හැකි නමුත්, එය එසේම වේද? යන්න ප්‍රශ්නාර්ථයක් පමණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.