Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ක්‍රිකට් ආයතන පිලේ නායකත්වය ධනංජයට

ක්‍රිකට් ආයතන පිලේ නායකත්වය ධනංජයට

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පුහුණු එක්දින තරගය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාට හිමිව තිබේ. මෙම පුහුණු තරගය මේ මස 26 වැනිදා කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේ තරග 2 කට සහ දකුණු අප්‍රිකාප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේ තරග 2 කට සහභාගි වූ ධනංජය, ඉනිම් 8 කදී එක් අර්ධ ශතකයක් (60) සමග රැස්කිරීමට සමත් වූයේ ලකුණු 120 ක් පමණි.

අවසන් වරට සහභාගි වූ එක්දින තරග 8 දී ඔහු රැස්කර තිබෙන්නේද ලකුණු 120 ක් පමණි. 2016 වසරේ නොවැම්බර් මස බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලබාගත් අර්ධ ශතකයෙන් (58) පසුව එක්දින තරගයකදී අර්ධ ශතකයක් ලබාගැනීමට ධනංජය සමත් වී නැත.

දකුණු අප්‍රිකාප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේ ඉනිම් 4 කදී ශතකයක් (154) සහ අර්ධ ශතක 3 ක් (60, 53 සහ 85) සමග ලකුණු 352 ක් රැස්කළ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නද මෙම පුහුණු තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායමට කැඳවා සිටියි.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරමින් බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වූ දසුන් ශානක, ෂොහාන් ජයසූරිය සහ නිෂාන් පීරිස් යන ක්‍රීඩකයන්ටද පුහුණු තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායමේ ස්ථාන හිමිව තිබේ.

ආබාධයකට ලක්ව කලක් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටි තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්නද පුහුණු තරගය සඳහා නම් කරන ලද 11 දෙනාගේ කණ්ඩායමට ඇතුළත්ව සිටින අතර මිනෝද් භානුක පුහුණු තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස කටයුතු කිරීමට නියමිතය. ඉසුරු උදාන, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු සහ බිනුර ප්‍රනාන්දු කණ්ඩායමට ඇතුළත්ව සිටින සෙසු ක්‍රීඩකයෝ වෙති.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම
ධනංජය ද සිල්වා (නායක), දිමුත් කරුණාරත්න, දසුන් ශානක, ෂෙහාන් ජයසූරිය, අසේල ගුණරත්න, මිනෝද් භානුක, ඉසුරු උදාන, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු සහ නිෂාන් පීරිස්

අතිරේක ක්‍රීඩකයෝ
ළහිරු මිලන්ත, ලසිත් ඇඹුල්දෙණිය සහ ෂෙහාන් මධුෂංක  

 

- 036


අදහස් (0)

ක්‍රිකට් ආයතන පිලේ නායකත්වය ධනංජයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.