Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ක්‍රිකට් ආයතනයේ හිටපු මුල්‍ය ප්‍රධානී අත්අඩංගුවට

ක්‍රිකට් ආයතනයේ හිටපු මුල්‍ය ප්‍රධානී අත්අඩංගුවට

Nisanka Sandeepani - 2018 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විදෙස් රූපවාහිනී ආයතනයකින් ලැබීමට නියමිතව තිබූ ඩොලර් මිලියනයකට අධික මුදලක් ඇමරිකාවේ පෞද්ගලික ගිණුමකට බැරකරමින් වංචා කළේ යැයි චෝදනා එල්ලව සිටි ක්‍රිකට් ආයතනයේ හිටපු මූල්‍ය අංශයේ ප්‍රධානී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කියයි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමක් ඊයේ පස්වරු 5.30ට පමණ සැකකරුගේ හෝමාගම ගලවිලවත්ත නිවසේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මොහු අත්අඩංගුවට ගැනීම සඳහා අවස්ථා කිහිපයකදීම ඔහුගේ නිවසට ගියද ඔහු නිවසේ සිට නොමැත.

දකුණු අප්‍රිකානු පිලේ ශ්‍රී ලංකා සංචාරයේ රූපවාහිනී විකාශන අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතුව තිබූ ඩොලර් මිලියනයකට අධික මුදලක් ඇමරිකාවේ ගිණුමකට බැරගෙන ඇති බවට පැමිණිලි ලැබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙයට අමතරව දැනට පැවැත්වෙන එංගලන්ත ශ්‍රී ලංකා සංචාරයේදී ද විකාශ අයිතිය වෙනුවෙන් ක්‍රිකට් ආයතනයට හිමිවීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 5.5ක මුදල සැකකරු ආසියාතික රටක ගිණුමට බැර කිරීමට සූදානම් වන බවට ලැබුණු තොරතුරු මත ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලී ද සිල්වා මහතා පොලිස්පතිවරයා වෙත මීට සති තුනකට පෙර කළ පැමිණිල්ලක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

ඒ අනුව පරීක්‍ෂණ පවත්වා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සැකකරු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් අතර අද (22) ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 


අදහස් (0)

ක්‍රිකට් ආයතනයේ හිටපු මුල්‍ය ප්‍රධානී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.