Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ඉල්ලීම් දිනති

ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ඉල්ලීම් දිනති

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට දෙසැම්බර් මස හිඟ වැටුප සමඟ සියලුම ඉල්ලීම් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් එකඟ වී ඇති බව කාන්තා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා ජාතික සහ නැඟීඑන කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල ක්‍රීඩිකාවෝ පසුගිය බ්‍රහස්පතින්දා පුහුණුවීම්වලින් ඉවත්වී ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් විරෝධතාවක නිරත වූහ. ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සහ ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතර පසුගිය සිකුරාදා පස්වරුවේ විශේෂ සකච්ඡාවක් පැවැති අතර එහිදී ගැටලුවලට විසඳුම් ලබාදීමට එකඟතාවට පැමිණි බව දැනගන්නට තිබේ.

ගිවිසුම්ගත ක්‍රීඩිකාවන්ගේ දෙසැම්බර් මස වැටුප අද (14) ඔවුන්ගේ ගිණුම්වලට බැර කරන බවට ක්‍රිකට් ප්‍රධානීන් පොරොන්දු වී තිබේ. ඊට අමතරව ක්‍රීඩිකාවන්ට ක්‍රිකට් උපකරණ ඇතුළු අඩු පාඩු ලබාදීමටද, ආහාර පිළිබඳව ප්‍රශ්නයද, විසඳීමට කටයුතු කිරීමට ක්‍රිකට් බලධාරීන් පොරොන්දු වී ඇත.

මෙම විශේෂ සාකච්ඡාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරී සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් දූලානන්ද පෙරේරා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් බාර නිලධාරී අසංක ගුරුසිංහ යන මහත්වරු මෙන්ම  ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා චමරි අතපත්තු ඇතුළු ක්‍රීඩිකාවෝ පිරිසක් ද සහභාගි වූහ.   
 

 


අදහස් (0)

ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ඉල්ලීම් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.