Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ක්‍රිස් ජෝර්ඩ්න් එංගලන්තයේ ජය මාවත පාදයි

ක්‍රිස් ජෝර්ඩ්න් එංගලන්තයේ ජය මාවත පාදයි

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 6 Comment
A A A

 

සංචාරක ශ්‍රී ලංකා පිල සහ එංගලන්ත පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ මැන්චෙස්ටර්හිදී අද (28) පැවැති තෙවැනි තරගයෙන් එංගලන්ත පිල කඩුලූ 10 ක පහසු ජයක් ලැබීමට සමත් විය. මෙම ජයග‍්‍රහණයත් සමග එංගලන්තය 2-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණට පැමිණියේය.  

එංගලන්ත පන්දු යවන්නෝ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිම  ඕවර 24 කදී ලකුණු 67 කට සීමා කිරීමට සමත් වූහ. එංගලන්තය එම ඉලකක්ය  ඕවර 12.1 කදී කිසිවකු නොදැවී සම්පූර්ණ කළේය.

දකුණතින් වේග පන්දු යවන කි‍්‍රස් ජෝර්ඞ්න් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 29 කට කඩුලූ 5 ක් දවා ගැනීමට සමත් විය. කි‍්‍රස් ජෝර්ඞ්න් මේ සමගින් මැන්චෙස්ටර් ක‍්‍රීඩාංගණයේ එක්දින තරගයකදී කඩුලූ 5 ක් දවාගත් පළමු එංගලන්ත ක‍්‍රීඩකයා බවට පත්විය.  

මෙම ලකුණු 67 ශ්‍රී ලංකාව එංගලන්තය හමුවේ එක්දින තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වේ. මීට පෙර ශ්‍රී ලංකාව 1999 වසරේ පර්ත්හිදී එංගලන්තය හමුවේ ලකුණු 99 කට දැවී ගොස් තිබේ.

මෙම ලකුණු 67 ශ්‍රී ලංකා කණ්ඩායමක් එක්දින ක‍්‍රිකට් තරගයකදී දැවී ගිය තෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව වේ. මීට පෙර ශ්‍රී ලංකාව 2012 වසරේ ජනවාරි මස දකුණු අපි‍්‍රකාවේ පාල් නුවරදී ලකුණු 43 කට ද, 1986 වසරේ දෙසැම්බර් මස සාජාහිදී බටහිර ඉන්දීය කොදෙව් පිල හමුවේ ලකුණු 55 කටද දැවී ගොස් තිබේ. ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුලූ හතර ලකුණු දෙකක් තුළ බිද වැටීමෙන් ඉනිම ලකුණු 67 කට සීමාවීමට සිදුවිය.

නායක ඇන්ජලෝ මැතිව්ස් කඩුලූ රකින ජොස් බට්ලර් වෙත උඩ පන්දුවක් දෙමින් දැවී ගිය අතර එම තීරණය විනිසුරු තීරණය නැවත විමසීමේ ක‍්‍රමවේදයෙන් ද සනාථ කෙරිණ.

ශ්‍රී ලංකා පිල පළමු  ඕවර 10 අවසන් වන විට කඩුලූ දෙකක් දැවී ලකුණු 28 ක් පමණක් ලබා සිටි අතර කුමාර් සංගක්කාර ලකුණු 13 ක් ලබා තෙවැනි කඩුල්ල ලෙස දැවී යෑමත් සමග ශ්‍රී ලංකා ඉනිම සසළ විය. ජ්‍යෙෂ්ඨතම පිතිකරු වන මහේල ජයවර්ධන (12) මුළු ලකුණු සංඛ්‍යාව 58 ක්ව තිබියදී පස්වැනි කඩුල්ල ලෙස දැවී යෑමත් සමග ශ්‍රී ලංකා පිල අසීරු තත්ත්වයකට පත්විය.

දිනේෂ් චන්දිමාල් ගැසූ වේගවත් පහරකින් විශිෂ්ට ආකාරයේ උඩපන්දුවක් රැකගැනීමට ඉයන් බෙල් සමත් වීම නිසා චන්දිමාල් ලකුණු 6 කට දැවී ගියේය.

කුසල් පෙරේරා ආරම්භක පිතිකරු ලෙස ක‍්‍රීඩා කළේ නම් පළමු  ඕවර 10 යේදී ශ්‍රී ලංකාවේ ලකුණු සංඛ්‍යාව මීට වඩා වැඩි වීමට බොහෝ දුරටත් ඉඩ තිබුණි. නමුත් කණ්ඩායම සමබර කිරීමේ අවශ්‍යතාව නිසා කුසල්ට ස්ථානය අහිමි වී තිබේ.

ජේම්ස් ඇන්ඩසන් යැවූ ඉහළ නැගි පන්දුවට කඩුල්ලෙන් මෑත්වී පහරක් ගැසීමට යෑමෙන් කඩුලූ රකින්න බට්ලර්ට උඩ පන්දුවක් ලබාදී ළහිරු තිරිමාන්න (07) කඩුල්ල පූජා කළේය. තිරිමාන්න මේ දක්වා පැවැති එක්දින තරග තුනේදී ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරමින් (0,10,7) අසාර්ථක වීම කැපී පෙනේ.

ශ්‍රී ලංකාව ජය ලැබූ දෙවැනි තරගයේදී ලකුණු 88 ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත්වූ තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 2 කට දැවී ගියේය.

කාසියේ වාසිය ලැබූ එංගලන්ත නායක ඇලිස්ටෙයාර් කුක් පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.

වර්ෂාව ඇද හැළීම නිසා මේ වන විට තරගය ආරම්භ කිරීම විනාඩි 30 ක් පමණ ප‍්‍රමාද විය. දෙවැනි තරගයට ක‍්‍රීඩා කළ වේග පන්දු යවන ධම්මික ප‍්‍රසාද් වෙනුවට මේ තරගයට පා දඟ පන්දු යවන රංගන හේරත් කැදවා තිබිණ.

දෙරට අතර සිවුවැනි එක්දින තරගය මේ මස 31 වැනිදා ලෝඞ්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගයේ නවතම තත්වය

ලකුණු පුවරුව

තරගයේ උණුසුම් අවස්ථා...


- 048

 

 


අදහස් (6)

ක්‍රිස් ජෝර්ඩ්න් එංගලන්තයේ ජය මාවත පාදයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.