Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කුසල්ට තවත් අවස්ථාවක්

කුසල්ට තවත් අවස්ථාවක්

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 12 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A


 

ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර සිවුවැනි එක්දින අන්තර්ජාතික තරගය පැවැත්වෙන කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න්ස් කී‍්‍රඩාංගණය කරුණු කිහිපයක් නිසා විශේෂ වැදගත්කමක් දක්වයි. ශී‍්‍ර ලංකා කණ්ඩායමක් හෙට (13 වැනිදා) ඊඞ්න් ගාර්ඞ්න්ස් පිටියට පිවිසෙන්නේ වසර 5 කට පසුවය.

ලෝකයේ විශාලතම කි‍්‍රකට් කී‍්‍රඩාංගණයක් වන කොල්කටා ඊඞ්න් ගාර්ඞ්න්ස් කී‍්‍රඩාංගණය මේ වසරේදී සිය 150 වැනි සංවත්සරය සමරයි. එපමණක් නොවේ.

1996 ලෝක කුසලන තරගාවලියේ අවසන් පූර්ව වටයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම විසින් ඉන්දීය පිල පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේද මෙම කී‍්‍රඩාංගණයේදීය. එදා මෙදා තුර ශී‍්‍ර ලංකා කණ්ඩායමක් කොල්කටාහිදී තරග කර ඇත්තේ දෙවතාවක් පමණි.

2007 දී පැවැති තරගය විසඳුමකින් තොරව අවසන් වූ අතර 2009 දී පැවැති තරගයේදී ඉන්දීය පිල කඩුලූ 7 කින් ජයගත්තේය.

මෙම තරගාවලියේදී මේ දක්වා පැවැති තරග තුනම ජයගත් විරාට් කෝලිගේ ඉන්දීය පිල  හෙට තරගයත් ජයගනිමින් සිය ජයග‍්‍රහණ වැල දිගු කරගැනීමට උත්සාහ කරන්නේත් ඊඞ්න් ගාර්ඞ්න්ස් කී‍්‍රඩාංගණයේදීය. විරාට් කෝලිගේ ඉලක්කය වන්නේ ඉතිරි තරග දෙකත් ජයගනිමින් ශී‍්‍ර ලංකාවට 5-0 ක සුද්දයක් දීමයි.

මෙම තරගාවලියේදී සෑම තරගයකට පෙරදීම ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු පිරිස ජයග‍්‍රහණ පිළිබඳ බලාපොරොත්තු තැබුවද මේ දක්වා ඒ සියල්ලම බලාපොරොත්තුවක් පමණක් වී තිබේ. තරග 3 කදී ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් ලකුණු 883 ක් ලබාගැනීමට ඉන්දීය පිතිකරුවන්ට අවසර දී තිබෙන නමුත් ඉන්දීය පන්දු යවන්නන් හමුවේ කඩුලූ 28 ක් අහිමි කරගන්නා අතරේ ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට ලබාගත හැකිවී ඇත්තේ ලකුණු 710 ක් පමණි. කණ්ඩායම් දෙක අතර පවතින පරතරයේ තරම මෙයින් වටහාගත හැකිය.

ඉතිරි එක්දින තරග දෙක සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනස්කම් 4 ක් කර තිබේ. දිනේෂ් චන්දිමාල්, ශමින්ද එරංග, අජන්ත මෙන්ඩිස් සහ ළහිරු තිරිමාන්න ශී‍්‍ර ලංකා පිලට එක්ව සිටිති.

කෙසේ වෙතත් කුසල් පෙරේරාට හෙට තරගයේදී තවත් අවස්ථාවක් හිමිවීමට බොහෝ දුරට ඉඩ තිබේ. මේ වන විට එක්දින තරග වලදී ලකුණු 12,000 කඩයිම පසුකර සිටින මහේල ජයවර්ධන ආරම්භක පිතිකරුවා වීමට කැමැත්ත පළකර ඇතත් තණතීරුව පරීක්‍ෂා කිරීමෙන් පසුව තරගය සඳහා කී‍්‍රඩා කරන 11 දෙනා තෝරා ගන්නා බව ශී‍්‍ර ලංකා පිලේ කළමණාකරු මයිකල් ද සොයිසා මහතා පැවසීය.

ශී‍්‍ර ලංකා පිතිහරඹය මෙන්ම පන්දු යැවීමත් ඉතාම අසරණ අඩියකට වැටී තිබුණද මෙම තරගාවලියේ ඉතිරි තරග දෙක ජයගැනීමට තම කණ්ඩායමට හැකියාව ඇතැයිද මයිකල් ද සොයිසා මහතා පවසයි.  

”අපට දිනන්න ඕනෑ. අපි බලාපොරොත්තුව ඉන්නේ පිතිකරුවන් ලකුණු අතරට ඇවිදින් හොඳ තරගයක් දෙයි කියලයි”

”පසුගිය තරග තුන විශ්ලේෂණය කළොත් ඔබට පෙනේවි අපි ඉන්දීය පිතිකරුවන් දවාගන්න අසමත් වෙලා තියෙන බව. ඔවුන්ගේ පිතිකරුවන් ඉතාමත් ප‍්‍රබලයි. ඒත් ඒ එක්කම, කඩුලූ දෙක තුනක් ඇරෙන්න, අපේ පිතිකරුවන් තමන්ගේ කඩුලූ වීසිකරලා දැම්මා. ඒ මිසක ඔවුන්ට හැකියාවක් නැතිකම නෙමෙයි” යයිද ශී‍්‍ර ලංකා කළමණාකරුවා පැවසීය.

”කු-මාර් (සංගක්කාර) දැන් ගිහිල්ලා. අපි හිතාගෙන ඉන්නේ තිරිමාන්න ගැනයි. ඒත් චන්දිමාල් වුණත් කණ්ඩායම ඇතුළට එන්න පුළුවන්. හැබැයි දෙන්නම වුණත් කී‍්‍රඩා කරන්න පුළුවන්”

”ධම්මික ප‍්‍රසාද්ගේ තැනට (ශමින්ද) එරංග ඇවිත් ඉන්නවා. ඒත් තරගයේදී කාට අවස්ථාව ලැබෙයිද කියලා කියන්න බෑ...අජන්ත මෙන්ඩිස්ට රන්දිව්ගේ තැන ලැබේවි. ඔවුන් ඉන්දියාවට එවා තියෙන්නේ කී‍්‍රඩා කරන්න මිසක් බංකුවේ වාඩිවෙලා ඉන්න නෙමෙයිනේ” යයි මයිකල් ද සොයිසා මහතා සිය කණ්ඩායම වෙනුවෙන් කරුණු දැක්වීය.

නිමාවූ තරග තුනේදීම ශී‍්‍ර ලංකා පිතිකරුවන් වඩාත්ම අසාර්ථක වූයේ පිතිකරුවන්ගේ ප‍්‍රහාරක ඕවර කිහිපයේදීය. එම  ඕවර 5 දී ශී‍්‍ර ලංකා පිලේ හොඳම දස්කම වූයේ ලකුණු 21 කි. එහෙත් හයිද්‍රාබාද් තරගයේදී පිතිකරුවන්ගේ  ඕවර 5 කින් ලකුණු 16 ක් ලබාගන්නා අතරේ ශී‍්‍ර ලංකා පිලේ කඩුලූ 3 ක්ද බිඳ වැටිණ.

”අපි පිතිකරුවන්ගේ ප‍්‍රහාරක  ඕවර කිහිපය භාවිතා කරන ආකාරය දිහා බැලූවොත් අප ඒ කාලය තුළදී ඉතාමත් අසාර්ථක වී ඇතිබව ඔබට පෙනේවි. පසුගිය තරග තුනෙන් එකකදීවත් අපි ඒ  ඕවර 5 දී ලකුණු 21 කට වඩා ලබාගෙන නෑ. ඒක ප‍්‍රහාරාත්මක  ඕවර 5 වුණයි කියලා හැම පන්දුවක්ම පිට්ටනියෙන් එළියට යවන්න බෑනේ”

”අනෙක මේ තරුණ කී‍්‍රඩකයන් ආධුනිකයන් නෙමෙයි. ඔවුන් කාලයක් තිස්සේ හොඳින් කි‍්‍රකට් කී‍්‍රඩා කරපු අය. ඒ නිසා ඔවුන් නියම රිද්මයට එනකම් ටිකක් ඉවසීමෙන් ඉන්න ඕනෑ. හැබැයි ඔවුන් ඉක්මනින්ම ඒ රිද්මයට ආවේ නැත්නම් ලෝක කුසලාන තරගාවලියේ ඔවුන්ට තියෙන ස්ථානය ඔවුන් විසින්ම විසිකර දමනවා කියන එකත් ඇත්තයි”

”තමන්ගේ වැරදි වටහාගන්න ඔවුන්ට මේක හොඳ අවස්ථාවක්. විශේෂයෙන්ම තරුණ කී‍්‍රඩකයන්ට. තමන් අසාර්ථක වූයේ ඇයි කියලා ඔවුන් දන්නවානේ. ඒක හොඳින් විග‍්‍රහ කරලා තමන්ගේ වැරදි හදාගන්න ඔවුන්ට පුළුවන්”

අපි සාකච්ඡ කරනවා. එකට රාතී‍්‍ර ආහාර ගන්නා විට කී‍්‍රඩකයන් තම තමන්ට හැෙගන දේ සෘජුවම කියනවා. කණ්ඩායම් කී‍්‍රඩාවකදී ඒක හුගාක් වටින දෙයක් වුණත් මේ තරගාවලියෙදි නම් ඒ එක දෙයක්වත් වැඩකරන්නේ නෑ වගෙයි”යයි කළමණාකරුවා පැවසීය.

 


අදහස් (3)

කුසල්ට තවත් අවස්ථාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.