Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කුසල් රෝහලෙන් පිටවෙයි

කුසල් රෝහලෙන් පිටවෙයි

Nisanka Sandeepani - 2018 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේදී උඩපන්දුවක් රැකගැනීමට යාමේදී තුවාල ලත් කුසල් ජනිත් පෙරේරා රෝහලෙන් ආපසු එවා තිබේ. රෝහලේදී කරන ලද පරීක්‍ෂණයකින් තහවුරු වී ඇත්තේ ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත් අවශ්‍ය වුවහොත් පන්දුවට පහර දීමට පවා යැවිය හැකි බවත්ය. 

කුසල් පෙරේරාගේ තත්ත්වය සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඒ බව තහවුරු කර ලදි. 

ෂැනන් ගේබි්‍රයෙල්ගේ උඩපන්දුවක් රැකගැනීම සඳහා මිඞ් ඕන්හි සිට දිවගිය කුසල් පෙරේරා උඩපන්දුව රැකගැනීමට අති විශිෂ්ට උත්සාහයක නිරත වීමේදී හතරේ සීමාවේ රඳවා තිබූ දැන්වීම් පුවරුවක් මත ඇද වැටුණේය. සැණෙකින් පිටියට පිවිසි ගිලන් රියකින් කුසල් පෙරේරා රෝහල වෙත ගෙන යන ලද අතර කොදෙව් පිලට ලකුණු 6 ක් හිමිවිය. 

කුසල් ජනිත් පෙරේරා තුවාල නොලැබූයේ නම් කොදෙව් දෙවැනි ඉනිම ලකුණු 82 දී නිමාවන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉලක්කය ලකුණු 133 ක් වන්නට තිබිණ. කෙසේ වෙතත් ලකුණු 93 යනු මෙම ක්‍රීඩාංගණයේදී කොදෙව් කණ්ඩායමක් ටෙස්ට් ඉනිමකදී ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාවයි. 

 


අදහස් (0)

කුසල් රෝහලෙන් පිටවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.