Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වේග පන්දු යවන්නන්ගේ අණසක පැතිරුණු ට්‍රිලෝනි ක්‍රීඩාංගණයේදී පැවැති තුන්වැනි සහ අවසන් නිල නොවන එක්දින තරගයේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව ලකුණු 45 ක ජයක් ලබාගත් බටහිර ඉන්දිය කොදෙව් ‘ඒ’ ක්‍රීඩකයෝ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සමකරගත්හ.
තරගාවලියේ පළමු තරගයේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලු 2 ක ජයක් ලබාගැනීමට සමත් වූ අතර වර්ෂාව හේතුවෙන් දෙවැනි එක්දින තරගයේදී එකම පන්දුවක් හෝ යැවිය නොහැකි විය.
ජැමෙයිකාවේ ටි්‍රලෝනි නගරයේදී ඉරිදා (5 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගයේදී ලකුණු 153 ක පහසු ඉලක්කයක් හඹා ගිය නමුත් ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 107 කි. සිය සහායක පිතිකරුවන් එකා පසුපස එකා දැවී යද්දී ආරම්භක පිතිකරු නිපුන් කරුණානායක ලකුණු 47 ක් ලබාගත් නමුත් ඔහුට සහාය වීමට සෙසු පසුපෙළ පිතිකරුවෝ අපොහොසත් වූහ. ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 13 කි.
හුදෙකළා සටනක නිරත වූ නිපුන් කරුණානායක 9 වැනි පිතිකරුවා දැවී යන තුරුත් සිය කඩුල්ල ආරක්‍ෂා කරගත් නමුත් අවසන් පිතිකරුවා වූ ළහිරු කුමාර සමග පිටියේ තනිවීමෙන් පසුව ලකුණු රැස්කිරීමේ වගකීම කරට ගැනීමට සිදුවිය. පැය තුනකට ආසන්න කාලයකට (විනාඩි 170 ක්) පසුව රකීම් කොන්වෝල් වෙත උඩපන්දුවක් දෙමින් කරුණානායක දැවී යන විට පන්දු 113 කට මුහුණ දී සිටි පිතිකරුවා සිය ඉනිමට එකතු කර තිබුණේ හතරේ පහර 2 ක් පමණි.
කොදෙව් ‘ඒ’ පිල වෙනුවෙන් ඉතාමත් සාර්ථක පන්දු යැවීමක නිරත වූ ෂෙල්ඩන් කොට්ට්‍රල් යැවූ පන්දු 51 න් පන්දු 39 ක්ම නිලකුණු පන්දු වූයේය. ඕවර 8.3 ක් යැවූ වමතින් පන්දු යවන්නා ලකුණු 19 කට කඩුලු 4 ක් දවාගත්තේය.
කාසියේ වාසිය දිනාගත් කොදෙව් ‘ඒ’ කණ්ඩායම පළමුවෙන් ලකුණු රැස්කිරීම තෝරාගත් නමුත් විමුක්ති පෙරේරාගේ පන්දු යැවීම හමුවේ කොදෙව්වන්ට ලබාගත හැකිවූයේ ලකුණු 152 ක් පමණි. ලකුණු 25 කට කඩුලු 4 ක් දවාගත් විමුක්ති පෙරේරා ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ සාර්ථකම පන්දු යවන්නා වූයේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.