Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පිතිකරුවන් මෙන්ම පන්දු යවන්නන්ද මනා පුහුණුවක් ලබාගත් තුන්දින පෙරහුරු තරගය ටි්‍රනිඩෑඞ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේදී ජය පරාජයෙන් තොරව අවසන් විය.
![]() |
![]() |
ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී ආරම්භක පිතිකරුවන් ලෙසින් පැමිණි කුසල් මෙන්ඩිස් සහ කුසල් ජනිත් පෙරේරා කිසිදු අපහසුතාවකින් තොරවම ලකුණු ලබාගත් අතර කුෂල් ජනිත් පෙරේරා සිය අර්ධ ශතකය ලබාගැනීමෙන් පසුව නොදැවීම ආපසු ක්‍රීඩාගාරයට ගියේ තවත් පිතිකරුවකුට අවස්ථාව දෙමිනි. අනතුරුව පිටියට පිවිසි රොෂේන් සිල්වා සහ කුසල් මෙන්ඩිස් එක්ව දිනයේ ක්‍රීඩාව හමාර කරන තුරුම පන්දුවට පහර දුන්හ.
තරගය නිමාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 135 ක් ලබා සිටියේය.
කොදව් සභාපතිගේ පිල මෙම තරගය කෙතරම් සෙල්ලමකට ගත්තාද යත් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී යැවුණු ඕවර 33 වෙනුවෙන් පන්දු යවන්නෝ 8 දෙනෙක් වරින් වර පන්දු යැවූහ. එහෙත් සුපුදුරු තැන්පත් පිතිහරඹයේ නියැළි කුසල් මෙන්ඩිස් පන්දු 113 කදී ලබාගත් ලකුණු 60 ට හතරේ පහර 5 ක් සහ හයේ පහරක් ඇතුළත් විය.
නොදැවී ආපසු ක්‍රීඩාගාරයට ගිය කුසල් ජනිත් පෙරේරා ලකුණු 50 ක් වෙනුවෙන් පන්දු 54 කට මුහුණ දුන් අතර ඒවායින් 8 ක් හතරේ සීමාවෙන් එපිට නැවතිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.