Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කොදෙව්වෝ ලකුණු පරතරය වැඩි කරති

කොදෙව්වෝ ලකුණු පරතරය වැඩි කරති

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ක්වීන්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සිවුවැනි දිනයේ (9 වැනිදා) දිවා ආහාරය සඳහා නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි බටහිර ඉන්දීය කොදෙව්වෝ කඩුලු 7 ක් දැවී ලකුණු 223 ක් ලබා සිටියහ.

ඒ අනුව කොදෙව් කණ්ඩායම තවත් කඩුලු 3 ක් අතැතිව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 438 ක් ඉදිරියෙන් සිටියි. දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට වට පන්දුවට පහරදෙමින් සිටි දෙවේන්ඩ්‍ර බිෂෝ හතරේ පහර 2 ක් සමග ලකුණු 12 ක්ද, කේමර් රෝච් එක් ලකුණුක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

පළමු ඉනිමේදී ශතකයක් ලබාගත් ෂේන් ඩොව්රිච් දිනයේ පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් කිරීමට ළහිරු කුමාර සමත් විය. ළහිරුගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් දැවී යන විට ඩොව්රිච් ලබා සිටියේ ලකුණු 13 ක් පමණි.

තරමක් වේගයෙන් පන්දුවට පහරදුන් කිරන් පවෙල් (88) දැවී ගියේ ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවක් හමුවේ අතිරේක ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ අතට උඩපන්දුවක් දෙමිනි. ශතකයට ලකුණු 12 ක් මෙපිටින් සිටියදී දැවීයන විට ඔහුගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 7 කින් සමන්විත වී තිබිණ.

හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 39 ක් ලබා සිටි නායක ජේසන් හෝල්ඩර් දැවී ගියේ රංගන හේරත්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි.

පළමු ඉනිමේදී දක්ෂ පන්දු යැවීමක නිතර වෙමින් කඩුලු 4 ක් දවාගත් ළහිරු කුමාර, දෙවැනි ඉනිමේදීද ඊට නොදෙවෙනි පන්දු යැවීමක නිරත වී සිටින්නේ මෙතෙක් බිඳ වැටුණ කඩුලු 7 න් 3 කටම හිමිකම් කියමිනි.

- 036


අදහස් (0)

කොදෙව්වෝ ලකුණු පරතරය වැඩි කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.