Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කොදෙව්වෝ ශ්‍රී ලංකාව පරදවති

කොදෙව්වෝ ශ්‍රී ලංකාව පරදවති

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 7 Comment
A A A

 

විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර මීර්පූර්හිදී අද (19) පැවැති පුහුණු තරගයෙන් ලෝක ශූර බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 33 ක ජයක් ලැබීය.

ජයග‍්‍රහණය සදහා ලකුණු 173 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල  ඕවර 19.2 කදී ලකුණු 139 කට සීමා විය. තිලකරත්න ඩිල්ෂාන් පන්දු 36 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 43 ක් රැස් කළේය.

මුළු ලකුණු සංඛ්‍යාව 18 ක්ව තිබියදී මහේල ජයවර්ධන පළමු පන්දුවේදීම දෙවැනි කඩුල්ල ලෙස දැවී යෑමෙන් පසුව සංගක්කාර සහ ඩිල්ෂාන් තෙවැනි කඩුල්ල සදහා ලකුණු 54 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.

තෙවැනි කඩුල්ලේ සිට පස්වැනි කඩුල්ල දක්වා කඩුලූ තුන ලකුණු 11 ක් තුළ බිද වැටීමෙන් ලකුණු 83 කට කඩුලූ 5 ක් බවට පත්විය. 16 වැනි  ඕවරයේ දෙවැනි සහ තෙවැනි පන්දුවලදී දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් දැවී යෑමෙන් ශ්‍රී ලංකා පිල දැඩි අස්ථාවර තත්ත්වයකට පත්විය.   

පළමුව පන්දුවට පහර දුන් කොදෙව් පිල වෙනුවෙන් ඞ්වේන් ස්මිත් පන්දු 45 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 60 ක් රැස්කිරීමට සමත් විය.


රංගන හේරත් දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 20 කට කඩුලූ දෙකක් දවා ගත්තේය.

ලකුණු පුවරුව

තරගයේ තවත් සේයාරු...


අදහස් (7)

කොදෙව්වෝ ශ්‍රී ලංකාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.