Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කොදෙව් කාන්තාවෝ විස්සයි20 තරගාවලියත් දිනති

කොදෙව් කාන්තාවෝ විස්සයි20 තරගාවලියත් දිනති

Nisanka Sandeepani - 2017 ඔක් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අෆී ෆ්ලේචර්ගේ (12/5) විශිෂ්ට පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ඇන්ටිගුවාහි ස්ටැන්ෆෝඞ් ක්‍රීඩාංගණයේදී ඊයේ (21 වැනිදා) පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් ලකුණු 47 ක ජයක් හිමිකර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට කොදෙව් ක්‍රීඩිකාවෝ සමත් වූහ. 
ජයග්‍රහණය සදහා ලකුණු 155 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 19.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 107 ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකාරිණියවූ චමරි අතපත්තු පන්දු 33 කදී හතරේ පහරක් සමගින් ලකුණු 30 ක් රැස්කළාය.
 
ඉදිරිපෙළ පිතිකාරිණියන් සාර්ථක ආරම්භයක් ලබාදුන්නද මැද පෙළ කඩාවැටීම හේතුවෙන් අවසන් කඩුලු 7 ලකුණු 22 ක් තුළ දවාගැනිමට කොදෙව් පන්දු යවන්නියෝ සමත්වූහ.
 
විශිෂ්ට පන්දු යැවිමක නිරතවූ අෆී ෆ්ලේචර් ඕවර 3.4 කදී ලකුණු 12 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත්වූවාය. විස්සයි20 තරගයක ඉහළම දක්ෂතාවය පෙන්වූ අෆී ෆ්ලේචර් කඩුලු 5 ක් දවාගත් පළමු අවස්ථාව වුවාය.
 
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවෝ ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 154 ක් රැස්කිරීමට සමත්වූහ. 
 
අර්ධ ශතකයට ලකුණු මෙපිටින් සිටියදී කොදෙව් කණ්ඩායමේ වැඩිම ලකුණු රැස්කළ පිතිකාරිණියවූ නායිකා ස්ටැෆ්නි ටේලර් දවාගැනීමට අමා කාංචනා සමත්වූවාය. ඉනෝකා රණවීර අතට උඩපන්දුවක් දෙමින් ස්ටැෆ්නි ටේලර් දැවියන විට පන්දු 41 කදී හයේ පහරක් සහ හතරේ පහර හතරක් සමගින් ලකුණු 49 ක් රැස්කර සිටියාය.
 
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා ඉනෝකා රණවීර ලකුණු 47 කට කඩුලු 2 ක් දවාගත්තාය. 
 
බ.ඉ. කොදෙව් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 154 
(ස්ටැෆ්නි ටේලර් 49, ඩීන්ඩ්‍රා ඩොටින් 27, කයිසියා නයිට් නොදැවී 23, බි්‍රට්නි කූපර් 23, ඉනෝකා රණවීර 47/2) 
 
ශ්‍රී ලංකාව - ඕවර 19.4 කදී සියලුදෙනා දැවී 107 
(චමරි අතපත්තු 30, අෆී ෆ්ලේචර් 12/5, හේලී මැතිව්ස් 25/2) 
 
 

අදහස් (0)

කොදෙව් කාන්තාවෝ විස්සයි20 තරගාවලියත් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.