Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කොදෙව් පිල ලකුණු 376 ක් පසු පසින්

කොදෙව් පිල ලකුණු 376 ක් පසු පසින්

Dilrukshi - 2015 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සංචාරක  ඕස්ටේ‍්‍රලියානු පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ ජැමෙයිකාහිදී පැවැත්වෙන දෙවැනි තරගයේ තෙවැනි දිනය වු අද (13) දිනයේ ක‍්‍රීඩාව අත්හිටුවන විට ජයග‍්‍රහණය සහා ලකුණු 392 ක ඉලක්කය වෙනුවෙන් දෙවැනි ඉනිමේ පන්දුවට පහර දෙන කොදෙව් පිල කඩුලූ 2 ක් දැවී ලකුණු 16 ක් රැස්කර සිටියේය.

දිනය අවසන් වන විට කොදෙව් පිල කඩුලූ 8 ක් අතැතිව ලකුණු 376 ක් පසු පසින් සිටියි.

ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයෝ කොදෙව් පළමු ලකුණු 220 කට සීමා කරමින් දෙවැනි ඉනිමේ පන්දුවට පහර දුන් අතර කඩුලූ 2 කට ලකුණු 212 ක් රැස්කරමින් ඉනිම අත්හිටුවීය.

ඕස්ටේ‍්‍රලියානු දෙවැනි ඉනිමේදී ආරම්භක පිතිකරුවන් වන ෂෝන් මාෂ් (69) සහ ඬේවිඞ් වෝනර් (62) අර්ධ ශතක රැස්කරමින් ඉලක්කය බාරදීම වේගවත් කිරීමට සමත් වූහ.

කොදෙව් පළමු ඉනිමේදී එක්දින පිලේ නායක ජේසන් හෝල්ඩර් වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 63 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවි ලකුණු 82 ක් රැස්කිරීමට සමත් විය.

ඕස්ටේ‍්‍රලියානු පිල පළමු ඉනිම  ඕවර 126.5 කදී සියලූ දෙනා දැවී 399

(ස්ටීව් ස්මිත් 199, මයිකල් ක්ලාක් 47, ඇඩම් වෝග්ස් 37, ෂේන් වොට්සන් 25, බ‍්‍රැඞ් හැඩින් 22, ජෝෂ් හස්ලිවුඞ්

24, ජෙරමි ටේලර් 47/6, ජේසන් හෝල්ඩර් 64/2)

බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම  ඕවර 59.5 කදී සියලූ දෙනා දැවී 220

(ශායි හොපි 26, ජර්මේන් බ්ලැක්වුඞ් 51, ජේසන් හෝල්ඩර් නොදැවී 82, ජෝෂ් හස්ලිවුඞ් 38/5, නේතන් ලියෝන් 55/3)

ඕස්ටේ‍්‍රලියානු පිල දෙවැනි ඉනිම  ඕවර 65 කදී කඩුලූ 2 ට 212

(ෂෝන් මාෂ් 69, ඬේවිඞ් වෝනර් 62, ස්ටීව් ස්මිත් නොදැවී 54, මයිකල් ක්ලාක් නොදැවී 14)

කොදෙව් පිල දෙවැනි ඉනිම  ඕවර 8 කදී කඩුලූ 2 ට 16

(මිචෙල් ස්ටාක් 1/2)

048

 

 


අදහස් (0)

කොදෙව් පිල ලකුණු 376 ක් පසු පසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.