Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කොදෙව් ‘ඒ’ පිල ලකුණු 14 ක් ඉදිරියට එයි

කොදෙව් ‘ඒ’ පිල ලකුණු 14 ක් ඉදිරියට එයි

දිලිනි මල්රුක්ෂි - 2014 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර තරග තුනකින් සමන්විත නිල නොවන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු තරගයේ තෙවැනි දිනය වූ අද (13) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට පිට පිටම දෙවැනි වරට පන්දුවට පහර දෙන බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල කඩුලූ 7 ක් දැවී ලකුණු 267 ක් රැස්කර සිටියේය.

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන්  ඕවර 3 ක් ඉතිරිව තිබියදී අද පස්වරුවේ ක‍්‍රීඩාව අවසන් කරන විට කොදෙව් පිල කඩුලූ 3 ක් පමණක් අතැතිව ලකුණු 14 ක් ඉදිරියෙන් සිටියේය.

ලකුණු 175 කට කඩුලූ 7 ක් බිද වැටී තිබියදී ෂේන් ෂිලිංෆෝඞ් (නොදැවී 56) සහ නිකීතා මිලර් (නොදැවී 37) ආරක්‍ෂාව සහ ලකුණු රැස්කිරීම මනාව මුසුකරමින් පන්දු 160 කදී ලකුණු 92 ක නොබිදුණු සම්බන්ධතාවක් ගොඩනගමින් ඉනිමක පරාජයේ අවමානයෙන් ගලවා ගැනීම සමත් වූහ.

ෂේන් ෂිලිංෆෝඞ් කඩුල්ල ආරක්‍ෂා කරගනිමින් හයේ සහ පහරේ පහර සමගින් ලකුණු ලබා ගැනීම කැපී පෙනුණි. ෂිලිංෆෝඞ් පන්දු 86 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 56 ක් රැස් කිරීමට සමත්ව සිටියේය.

සීකුගේ ප‍්‍රසන්න තෙවැනි දිනය අවසන් වන විට ඉනිම දෙකේදී ලකුණු 172 කට කඩුලූ 9 ක් දවා ගැනීමට සමත්ව සිටියේය.

දිනය අවසන් වීමෙන් පසුව ‘ලංකාදීප’යට අදහස් දැක්වූ සීකුගේ ප‍්‍රසන්න පැවසුවේ නැවත ටෙස්ට් තරගයකට ක‍්‍රීඩා කිරීමට තමන් දැඩි අෂාවෙන් පසු වන බවයි.

”මට මෙවැනි තරගයක අවස්ථාව ලැබුණේ වසර තුනකට පසුවයි. එහිදී මට පෙන්නන් පුඵවන් වුණා කඩුලූ ලබාගන්න පුඵවන් කියලා. මම එක ටෙස්ට් තරගයකට පමණක් ක‍්‍රීඩා කර තිබෙනවා. ඉතින් නැවතත් ටෙස්ට් තරග ක‍්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා”

මෙම තරගයේදී සීකුගේ වැඩිම කඩුලූ ලබාගත් කඩුල්ල දෙසට යවන පන්දුව පිළිබදව සීකුගේ මෙසේ අදහස් දැක්වීය.

”මම පසුගිය කාලයේ පියල් විජේතුංග මහතා සමග කළ විශේෂ පුහුණුවීම්වලදී පන්දුව ද`ග කැව්වා. එහිදී මම කෙලින් යවන පන්දුව පිළිබදවත් අවධානය යොමු කළා. ඒ පන්දුවට කඩුලූ එන නිසා මම එය ප‍්‍රයෝජනයට ගත්තා. මම විවිධ පන්දු යැවීම නිසා අට වැනි කඩුල්ලට මේ සම්බන්ධතාව පැවැත්වීමේ අවස්ථාව ලැබුණා.

නමුත් මුලදී මෙන් එක එල්ලයේ පන්දු යැව්වා නම් දවාගන්න තිබුණා”
රංගන හේරත්ගෙන් පසුව ශ‍්‍රී ලංකා ටෙස්ට් පිලේ පා දග පන්දු යවන්නා බවට පත්වීමේ අදහසින් සිටින්නේ ද යන ප‍්‍රශ්නයට සීකුගේ පැවසුවේ ඔහු දක්‍ෂ පන්දු යවන්නකු බවත් තමන් ටෙස්ට් ක‍්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවයි.

ටෙස්ට් ශතක දෙකකට සහ අර්ධ ශතක අටකට හිමිකම් කියන 29 හැවිරිදි කර්ක් එඞ්වඞ්ස් අන්තයක් ආරක්‍ෂා කර ගනිමින් පන්දු 117 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 76 ක් ලබා සිටියදී සීකුගේ ප‍්‍රසන්නගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් පස්වැනි කඩුල්ල ලෙස දැවී ගියේය.

ප‍්‍රබල ටෙස්ට් පිතිකරුවන් වන කර්ක් එඞ්වඞ්ස් (76) සහ ජර්මේන් බ්ලැක්වුඞ් (39)  ඕවර 19 ක් කඩුලූ රැුක ගනිමින් තෙවැනි කඩුල්ලට ලකුණු 77 ක සම්බන්ධතාවක් පවත්වමින් දැඩි අවධානමෙන් ගලවා ගැනීමට සමත් වූහ.  

දකුණතින් වේග පන්දු යවන ළහිරු ගමගේ ආරම්භක පිතිකරු ක්‍රෙග් බ‍්‍රැත්වයිට් (02) මුඵ ලකුණු සංඛ්‍යාව දෙකක්ව තිබියදී දවා ගැනීමෙන් කොදෙව් දෙවැනි ඉනිම ද ආරම්භයේදීම සසළ විය.

ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ කොදෙව් පළමු ඉනිම ලකුණු 160 කට සීමා කරමින් පළමු ඉනිමේ ලකුණු 253 ක වාසියක් ලබා ගැනීමට සමත් වූහ.

දකුණතින් පා දග පන්දු යවන සීකුගේ ප‍්‍රසන්න ලකුණු 64 කට කඩුලූ 6 ක් දවා ගනිමින් කොදෙව් පළමු ඉනිමේ විනාශකරු බවට පත්විය. කොදෙව් පිතිකරුවෝ සීකුගේ අද පෙරවරුවේ යැවූ  ඕවර හයට ලකුණු 40 ක් රැස්කරමින් ඔහුට නිසි එල්ලය සොයා ගැනීම වැලැක්වීමේ උපායක් යොදාගත් ආකාරය දැකගත හැකි විය.

කොදෙව් කඩුලූ රකින ක‍්‍රීඩක චැඞ්වික් වෝල්ටන් අද පෙරවරුවේ වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 90 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 50 ක් ලබා අවසන් කඩුල්ල ලෙස දැවී ගියේය.

තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (12) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට කොදෙව් පිල පළමු ඉනිම සදහා කඩුලූ 7 ක් දැවී ලකුණු 96 ක් පමණක් ලබා සිටියේය.
හෙට (14) තරගයේ සිවුවැනි සහ අවසන් දිනයයි.  

ලකුණු පුවරුව

 

 


අදහස් (0)

කොදෙව් ‘ඒ’ පිල ලකුණු 14 ක් ඉදිරියට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.