Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කොල්කටා පිලට කඩුලු 4 ක ජයක්

කොල්කටා පිලට කඩුලු 4 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ (2018) තෙවැනි තරගය ලෙස බැංගලෝර් රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම සහ කොල්කටා නටයිට්රයිඩර්ස් කණ්ඩායම අතර කොල්කටාහිදී ඊයේ (8 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට කොල්කටා නටයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 177 ක ඉලක්යක් හඹාගිය කොල්කටා ක්‍රීඩකයෝ පන්දු 7 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් කාර්තික් පන්දු 29 කදී හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 35 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

නිටිෂ් රානා (34) සමග එක්ව කොල්කටා කණ්ඩායමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 42 කදී ලකුණු 55 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද කාර්තික් සමත් විය. පන්දු 25 කට මුහුණදුන් රානා හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම අලංකාර කළේය.

 ප්‍රවේගකාරී පිතිහරඹයක නිතර වූ ආරම්භක පිතිකරු සුනිල් නරේන් පන්දු 19 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 50 ක් රැස්කරමින් කොල්කටා කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය.
 
බැංග්ලෝර් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ක්‍රිස් වෝක්ස් ලකුණු 36 කට කඩුලු 3 ක් දවාගත් අතර ඔහුට අනගි සහයක් දුන් උමේෂ් යාදව් ලකුණු 27 කට කඩුලු 2 ක් දවාගත්තේය. කෙසේ වුවත් බැංග්ලෝර් කණ්ඩායම පරාජයෙන් ගළවාගැනීමට ඔවුන් දෙදෙනා අපොහොසත් වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 176 ක් රැස්කළේය. බැංගලෝර් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 27 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 43 ක් රැස්කළේය.

බැංගලෝර් ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 36 කදී ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට නායක විරාට් කෝලි (31) සහ ඒ.බී. ඩිවිලියස් (44) සමත් වූහ. පන්දු 33 කදී වාර්තා වූ කොලිගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහරකින් සමන්විත වූ අතර පන්දු 23 කදී වාර්තා වූ ඩිවිලියස්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.

ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ මන්දීප් සිං පන්දු 18 කදී ලකුණු 37 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක්ද සමගිනි.

විනේ කුමාර් සහ නිටිෂ් රානා කඩුලු 2 බැගින් දවාගනිමින් කොල්කටා කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


බැංගලෝර් රෝයල් චැලේන්ජර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 176
(බ්‍රෙන්ඩන් මැකලම් 43, විරාට් කෝලි 31, ඒ.බී. ඩිවිලියස් 44, මන්දීප් සිං 37, නිටිෂ් රානා 11/2, විනේ කුමාර් 30/2)

කොල්කටා නටයිට්රයිඩර්ස් පිල - ඕවර 18.5 කදී කඩුලු 6 කට 177
(සුනිල් නරේන් 50, නිටිෂ් රානා 34, දිනේෂ් කාර්තික් නොදැවී 35, ඔන්ඩි්‍ර රසල් 15, ක්‍රිස් වෝක්ස් 36/3, උමේෂ් යාදව් 27/2)


- 036

 


අදහස් (0)

කොල්කටා පිලට කඩුලු 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.