කොළඹට ලකුණු 82 ක ජයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (04) පැවැති තරගයේදී කොළඹ පිල ලකුණු 82 කින් දඹුල්ල පිල පරාජය කිරීමට සමත් විය.
ලකුණු 239 ක ජයග්රාහි ඉලක්කය හඹාගිය දඹුල්ල පිල ඕවර 36.3 කදී ලකුණු 156 කට සීමාවිය.
සුරංග ලක්මාල් ක්‍රියාත්මක වෙමින් දඹුල්ල පිලේ ආරම්භක පිතිකරුවන් වූ ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 12 ක් තුළ පිටියෙන් ඉවත් කළේය. භානුක රාජපක්ෂ ලකුණු 38 ක් ලබා හත්වැනි කඩුල්ල ලෙස දැවී යෑමත් සමඟ දඹුල්ල පිල පිලට බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවිය. දඹුල්ල පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණක් පමණක් ලබා දැවී ගියේය. චාමික කරුණාරත්න පන්දුවෙන් ද දස්කම් දක්වමින් ලකුණු 29 කට කඩුලු 2 ක් දවාගත්තේය.
චාමික කරුණාරත්න අංක අට පිතිකරු ලෙස පිටියට පිවිසෙමින් පන්දු 53 කින් රැස්කළ ලකුණු 57 කොළඹ පිල ඔසවා තැබීය. චාමිකගේ ඉනිමට හතරේ පහර හතරක් සහ හයේ පහර දෙකක් ඇතුළත් විය.
යොවුන් ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 52 කදී හතරේ පහර හතක් සහ හයේ පහරක් සමගින් ලකුණු 54 ක් රැස්කිරීමට සමත් විය.
කොළඹ පිලේ නායක දිනේෂ් චන්දිමාල් පන්දු 66 කින් හතරේ පහර හතරක් සමගින් ලකුණු 42 ක් රැස් කළේය.
චන්දිමාල් සහ කමිඳු මෙන්ඩිස් (31) තෙවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 69 ක සම්බන්ධතාවයෙන් කොළඹ පිල ශක්තිමත් විය.
ලකුණු පුවරුව
කොළඹ කණ්ඩායම
අවිෂ්ක ප්‍රනාන්දු - ප. ජීවන් 54
උපුල් තරංග - ඇ. දික්වැල්ල ප. ධනුෂ්ක 12
දිනේෂ් චන්දිමාල් - ප. ජීවන් 42
කමිඳු මෙන්ඩිස් - ක. මූ. කළා ප. ජීවන් 31
ඇන්ජලෝ පෙරේරා -ස්ටම්ප් දික්වැල්ල ප. ජීවන් 6
චාමර සිල්වා - ඇ. භානුක ප. විශ්ව 29
ෂෙහාන් ජයසූරිය - ක. මූ. කළා ප. සඳකැන් 1
චාමික කරුණාරත්න - ඇ. ඉසුරු ප. විශ්ව 57
අකිල ධනංජය - දුවද්දී දැවී ගියා 0
සුරංග ලක්මාල් - නොදැවී 1
අතිරේක 5
එකතුව ඕවර 50 යේදී කඩුලු 9 ක් දැවී 238
පන්දුවට පහර නොදුන් පිතිකරු:
අසිත ප්‍රනාන්දු
කඩුලු වැටීම:
1-66(තරංග), 2-71(අවිෂ්ක), 3-141(කමිඳු), 4-146(චන්දිමාල්), 5-151(ඇන්ජලෝ), 6-152(ෂෙහාන්), 7-234(චාමික), 8-236(අකිල), 9-238(චාමර)
පන්දු යැවීම:
විශ්ව ප්‍රනාන්දු: 8-0-44-2, ඉසුරු උදාන: 9-0-71-0, ඉෂාන් ජයරත්න: 6-1-29-0, ධනුෂ්ක ගුණතිලක: 7-0-14-1, ජීවන් මෙන්ඩිස්: 10-0-36-4, ලක්ෂාන් සඳකැන්: 10-1-43-1
දඹුල්ල කණ්ඩායම
නිරෝෂන් දික්වැල්ල - ප. ලක්මාල් 6
ධනුෂ්ක ගුණතිලක - ඇ. චන්දිමාල් ප. ලක්මාල් 3
ඕෂද ප්‍රනාන්දු - ක. මූ. කළා ප. ලක්මාල් 6
ඇන්ජලෝ මැතිව්ස් - ඇ. චන්දිමාල් ප. අසිත 1
භානුක රාජපක්ෂ - ඇ. ෂෙහාන් ප. කමිඳු 38
සචිත්ර සේරසිංහ - ඇ. කමිඳු ප. චාමික 7
ජීවන් මෙන්ඩිස් - ඇ. චන්දිමාල් ප. චාමික 10
ඉසුරු උදාන - ඇ. අවිෂ්ක ප. අකිල 18
ඉෂාන් ජයරත්න - ඇ. අවිෂ්ක ප.ජයසූරිය 36
විශ්ව ප්‍රනාන්දු - නොදැවී 18
ලක්ෂාන් සඳකැන් - ඇ. තරංග ප.අසිත 0
අතිරේක 13
එකතුව ඕවර 36.3 කදී සියලු දෙනා දැවී 156
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
කඩුලු වැටීම:
1-9(ධනුෂ්ක), 2-12(දික්වැල්ල), 3-17(මැතිව්ස්), 4-18(ඕෂද), 5-36(සේරසිංහ), 6-62(ජීවන්), 7-95(භානුක), 8-102(ඉසුරු), 9-155(ජයරත්න), 10-156(සඳකැන්)
පන්දු යැවීම:
සුරංග ලක්මාල්: 8-2-29-3, ෂෙහාන් ජයසූරිය: 4-0-12-1, අසිත ප්‍රනාන්දු : 5.3-1-21-2, චාමික කරුණාරත්න: 5-0-29-2, අකිල ධනංජය: 8-0-37-1, කමිඳු මෙන්ඩිස්: 6-0-26-1
- 048