Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කොළඹ අපරාජිත වාර්තාව බිඳවැටෙයි

කොළඹ අපරාජිත වාර්තාව බිඳවැටෙයි

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (29) රාත්‍රී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති තරගයේදී මහනුවර පිල කඩුලු 7 කින් කොළඹ පිල පරාජය කිරීමට සමත් විය.

මහනුවර පිල මෙම තරගාවලියේ ලැබූ පළමු ජය මෙය වන අතර ඒ සමඟම කොළඹ පිලේ අපරාජිත වාර්තාව බිඳ වැටුණි.

කොළඹ පිල මෙම තරගයට එන විටත් තරග හතරක් ජය ලබා අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටියේය.
මහනුවර පිල ලකුණු 166 ක ජයග්‍රහි ඉලක්කය ඕවර 17.3 කදී කඩුලු 3 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය.
කුසල් පෙරේරා (84) සහ දසුන් ශානක (නොදැවී 60) තෙවැනි කඩුල්ලට පන්දු 58 කින් ලකුණු 118 ක සම්බන්ධතාවක් පවත්වමින් ප්‍රබල තත්ත්වයකට ගෙන ආහ.

දසුන් ශානක පන්දු 23 කින් හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමගින් අර්ධ ශතකය සම්පූර්ණ කරමින් විස්සයි20 ජාතික කණ්ඩායමේ සිය ස්ථානය තව දුරටත් තහවුරු කරගත්තේය.  

මෙම තරගාවලියේදී පළමු වරට ක්‍රීඩා කළ කුසල් පෙරේරා නිවැරදිව දුර්වල පන්දු තෝරාගනිමින් ක්‍රීඩා කළ ආකාරය දැකගත හැකිවිය. කුසල් පන්දු 45 කින් ලකුණු 84 ක් රැස්කළ අතර එයට දැවැන්ත හයේ පහර හයක් අන්තර්ගත විය.

මහනුවර පිලේ ජ්‍යෙෂ්ඨතම සහ ප්‍රබලතම පිතිකරු වන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 12 ක් ලබා දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.

ළහිරු තිරිමාන්න පළමු පන්දුවේදීම ෂෙහාන් ජයසූරිය හමුවේ දැවී යෑමෙන් මහනුවර පිලේ පළමු කඩුල්ල වාර්තා විය.

ප්‍රියමාල් පෙරේරා පන්දු 26 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 30 ක් රැස් කරමින් කොළඹ පිල සටනක් දියහැකි ලකුණු සංඛ්‍යාවක් දක්වා රැගෙන ආවේය.

මෙම තරගාවලියේ වඩාත් කථා බහට ලක්ව සිටින ක්‍රීඩකයා වන ලසිත් මාලිංග ඕවර හතරේදී ලකුණු 37 කට ජීවන් මෙන්ඩිස්ගේ කඩුල්ල පමණක් දවාගත්තේය.

යොවුන් පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 35 කින් ලකුණු 54 ක් රැස්කිරීමට සමත් විය. අවිෂ්කගේ ඉනිම හතරේ පහර 4 කින් සහ හයේ පහර තුනකින් වර්ණවත් විය.  

කොළඹ පිලේ ආරම්භක පිතිකරුවන් වූ අවිෂ්ක ප්‍රනාන්දු සහ මහේල උඩවත්ත පන්දු 56 කදී ලකුණු 76 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.

කොළඹ පිලේ නායක ජීවන් මෙන්ඩිස් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීම තෝරාගත්තේය.


ලකුණු පුවරුව
කොළඹ පිල
අවිෂ්ක ප්‍රනාන්දු - ඇ. ලක්‍ෂාන් ප. පුෂ්පකුමාර    54
මහේල උඩවත්ත - ප. අසලංක    22
ෂෙහාන් ජයසූරිය - ඇ. ශානක ප. පුෂ්පකුමාර     12
ප්‍රියමාල් පෙරේරා - ඇ. මාලිංග ප. ළහිරු ගමගේ    30
චතුරංග ද සිල්වා - ඇ. කුසල් පෙරේරා ප. ශානක    11
ජීවන් මෙන්ඩිස් - ප. මාලිංග     15
ළහිරු මධුසංඛ - නොදැවී    8
අකිල ධනංජය - දුවද්දී දැවී ගියා    0
අතිරේක    13
එකතුව ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී     165
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
විශ්ව චතුරංග, නුවන් ප්‍රදීප්, අසිත ප්‍රනාන්දු

කඩුලු වැටීම:
1-76(උඩවත්ත), 2-84(අවිෂ්ක), 3-99(ෂෙහාන්), 4-120(චතුරංග ද සිල්වා), 5-146(ජීවන්), 6-164(ප්‍රියමාල්), 7-165(අකිල)

පන්දු යැවීම:
ලසිත් මාලිංග: 4-0-37-1, ළහිරු ගමගේ: 3-0-34-1, චරිත් අසලංක: 4-0-26-1, දසුන් ශානක: 4-0-28-1, මාලින්ද පුෂ්පකුමාර: 4-0-25-2, නිසල තාරක: 1-0-9-0


මහනුවර පිල
කුසල් පෙරේරා - ඇ. ප්‍රියමාල් ප. චතුරංග ද සිල්වා    84
ළහිරු තිරිමාන්න - ප. ෂෙහාන්     0
ඇන්ජලෝ මැතිව්ස් - ඇ. අකිල ප. ෂෙහාන්     12
දසුන් ශානක - නොදැවී     60
භානුක රාජපක්‍ෂ - නොදැවී    10
අතිරේක    2
එකතුව ඕවර 17.3 කදී කඩුලු 3 ක් දැවී    168
පන්දුවට පහර නොදුුන් පිතිකරුවෝ:
ධනංජය ලක්‍ෂාන්, චරිත් අසලංක, නිසල තාරක, මාලින්ද පුෂ්පකුමාර, ලසිත් මාලිංග, ළහිරු ගමගේ

කඩුලු වැටීම:
1-16(තිරිමාන්න), 2-30(මැතිව්ස්), 3-148(කුසල් පෙරෙරා)

පන්දු යැවීම:
නුවන් ප්‍රදීප්: 3-0-23-0, ෂෙහාන් ජයසූරිය: 4-0-27-2, අකිල ධනංජය: 3-0-33-0, ළහිරු මධුසංඛ: 1.3-0-17-0, ජීවන් මෙන්ඩිස්: 2-0-29-0, අසිත ප්‍රනාන්දු: 2-0-15-0, චතුරංග ද සිල්වා: 2-0-23-1

තරගයේ වීරයා: කුසල් පෙරේරා

 

 

ඡායාරූප - ළහිරු හර්ෂණ


අදහස් (0)

කොළඹ අපරාජිත වාර්තාව බිඳවැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.